වර්තමාන ආණ්ඩුව මැතිවරණය කල් දැමීමට අපට උපක්‍රම යොදමින් සිටින බවත්, යම් හෙයකින් ජනතා පරමාධිපත්‍යයට එරෙහිව ආණ්ඩුව නැගී සිටින්නේ නම් ඊට එරෙහිව දෙවනි අරගලයක් ඒකාන්ත වශයෙන් ම සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ ඊයේ (07) ගෙලිඔය දී පැවතියේ පැවති ජන හමුවක් අමතමිනි.

මැතිවරණය කල් තබන තුරු විපක්ෂයේ ඇතැම් විකල්ප යැයි කියාගන්නා කණ්ඩායම්ද හොරගල් අහුලමින් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගය වෙනුවෙන් නැගී සිටින ජනතා රැල්ලට ඔවුන් ද බිය වී ඇතැයි පැවසීය.

මේ වැටී ඇති අගාධයෙන් රට ගොඩනැගීමට ඇති එකම කණ්ඩායම කවුද කියා මේ රටේ ඕනෑම අයෙක් දන්නා බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගයේ පමණක් යැයිද පැවසීය.