තවදුරටත් ඉදිරියේදී ජනතාව මේ විදියට අන්දන්න පුළුවන් කියලා කුමන හෝ දේශපාලන පක්ෂයක් හිතනවා නම්, වගේම මහජනතාව ඇන්දෙන්න ලෑස්ති වෙනවා නම් රටට දෙයියන්ගේ පිහිටයි. යනුවෙන් විපක්ෂනායක කාර්යාලයේ අද (19) පැවති මාධ්‍ය හමුවට සහබාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පැවසීය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ පා.ම. ජේ.සී අලවතුවල මහතා.

අද රට මුහුණ පා තිබෙන අවාසනාවන්ත තත්ත්වය ගැන 2019 ජනාධිපති මැතිවරණයට මුලට ගිහිල්ලා කල්පනා කර බැලුවොත් කොහොමද ගෝඨාභය රාජපක්ෂ බලයට ගේන්න මේ රටේ ජනතාව අන්දපු ඇන්දිල්ල එහිදී ජනතාවට අපි කියන්නේ මේ අවස්ථාවේ බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. තවදුරටත් ඉදිරියේදී ජනතාව මේ විදියට අන්දන්න පුළුවන් කියලා කුමන හෝ දේශපාලන පක්ෂයක් හිතනවා නම්, වගේම මහජනතාව ඇන්දෙන්න ලෑස්ති වෙනවා නම් රටට දෙයියන්ගේ පිහිටයි.

එදා ජාතික ආරක්ෂාව ගැන මහ ඉහළින් කතා කලා. පාස්කු ප්‍රහාරයත් එක්ක මේ රටේ ඉස්සරහට ගෙනාපු දෙයක් තමයි ජාතික ආරක්ෂාව.ගෝඨාභය රාජපක්ෂ බලයට ගේන්න ලක්ෂ හැට නමයක් ඡන්දය ගන්න ජාතික ආරක්ෂාව පාවිච්චි කළා. ඒ ජාතික ආරක්ෂාව ගැන කතා කරපු කණ්ඩායම රට, ජාතිය, ආගම සියල්ල ඉස්සරහට දාලා තමයි ලක්ෂ හැට නමයක් ඡන්ද ගත්තේ. අද මේ රටේ ජාතික ආරක්ෂාවක් තියෙනවද?.

2019 ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනත් හදපු ආණ්ඩුවේ දිගුවක් තමයි අද ඉස්සරහට යන්නේ.ගෝඨාභය රාජපක්ෂ අරගලයෙන් පලවාහැරිය කියලා ඒක අවසන් වෙලා නැහැ. රාජපක්ෂ පක්ෂ පවුල රැක ගෙන ඉස්සරහට යන දිගුවක් විදියට රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ තුළින් ජනාධිපති විදියට පත් කරගත්තා එය රාජපක්ෂ පවුලට තිබුණු ඒ බලය පාර්ලිමේන්තුවේ කණ්ඩායම රාජපක්ෂ පවුල කියන ඕනම දෙයක් කරන මන්ත්‍රීවරු කණ්ඩායම නැවත රාජපක්ෂ පවුලට අවශ්‍ය පුද්ගලයා තමයි ජනාධිපති හැටියට පත් කළා. ඒ නිසා අරගලයේ ජනතාව මේ රටේ පලවාහැරපු ගෝඨාභය රාජපක්ෂ වෙනුවට අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත්කරගෙන තියෙනවා මේ වෙනකොට අරගලය වෙලාවේ එළියට බහින්න බැරි බැරුව හිටපු රාජපක්ෂ පවුලේ කණ්ඩායම එළි බැහැලා තියෙනවා. ඒ නිසා අපි අවබෝධ කරගන්න ඕන 2019 ජනාදිපති මැතිවරණයට ඉස්සරවෙලා ගෙනියපු රට ජාතිය ආගම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙනාපු නාට්‍ය වෙනත් විදියකට අද රඟපාමින් තියෙනවා. ඒ නිසා ජනතාව බුද්ධිමත්ව මේවා කල්පනා කළ යුතුයි.

අද අපේ රටට මොකක්ද වෙලා තියෙන්නේ භූදේශපාලනය අනුව බැලුවම අපේ රටේ පිහිටීම උඩ දීර්ඝ කාලයක ඉඳලා යුරෝපියන් ලංකාවට එන්න කලින් ඉඳන් අපේ රටට ඉතාමත් වැදගත් ස්ථානයක පිහිටීම නිසා විදේශ බලපෑම් ගණනාවක් තිබුණා .ඒක අපි කවුරුත් දන්නවා.නමුත් අද මොකක්ද වෙලා තියෙන්නේ එක පැත්තකින් ඉන්දියාව ඇමරිකාව ජපානය ඕස්ට්‍රේලියාව රටවල් ඉඳගෙන යම් යම් ආකාරයෙන් කටයුතු කරද්දී මේ බල අරගලය තුළ ණය ප්‍රශ්නයත් එක්ක බංකොලොත්භාවයට පත්වෙලා ඒ තුළ තවත් අර්බුද ගණනාවකට ගිහින් තියෙනවා. ඒ නිසා අපේ රට ස්වාධීනව වැඩ කර හැකිද කියන මට්ටමට අසරණ වෙලා. රටේ ජාතික ආරක්ෂාව ගැන කතා කරලා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල් පාලනය අද අපේ රටේ ඉතිහාසයේ කවදාවත් නැති තැනට රටක් විදියට ස්වාධීනව වැඩ කරන්න බැරි තැනට අද පත් කරලා. ලක්ෂ 69ක් ඡන්ද ගන්න මේ රටේ ජනතාව රවට්ටලා වංචාකාරයෝ ටික ජාතිය ආගම ඉස්සරහට දාලා ජනතාව රවට්ටලා අද ජනතාවට ඇතිවෙලා තියෙන ප්‍රතිඵලය දිහා බලන්න ඒ නිසා තරුණයන්ගේ අනාගතය සම්බන්ධයෙන් සහ රටේ අනාගතය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. ඒ නිසා ජාතික ආරක්ෂාව අතින් ගත්තම අද අපේ රටේ ඉතිහාසයේ අසරණම තැනකට පත් කරලා තියෙන අවස්ථාවක්.

ඒ වගේම මේ අය කිව්වා නීතිය හා සාමය බිඳ වැටිලා තියෙනවා කියලා ගෝඨාභය රාජපක්ෂ වගේ කෙනෙක් රටට ඕන කිව්වා අද මොකක්ද රටට වෙලා තියෙන්නේ නීතිය හා සාමය තියෙනවද,? මොනතරම් පාරේ ඝාතන සිදු වෙනවාද අපි දැක්කා ව්‍යාපාරිකයෙක් ඉතාමත් අභිරහස් ලෙස ඝාතනය කරලා එවැනි ව්‍යාපාරිකයෙකුට වත් ආරක්ෂාව තියාගන්න බැරි තැනට පත් වෙලා තියෙනවා. ඒ වගේම අපි දකිනවා දෛනිකව හැමතැනම වෙඩි තබමින් පාරවල් වල මිනිස්සු ඝාතනයට ලක්වෙනවා. එහිදී ආරක්ෂාවක් රටේ තියෙනවද, දැන් බලන්න එදා කුඩු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ක්‍රියා කරනවා ද කියලා .අද අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ පාසල් දරුවන් පොලිසියේ දාලා චෙක් කරන තත්ත්වයට මේ රට පත්වෙලා. මම හිතන්නේ නැහැ මේ කිසිම රටක වෙන දෙයක් කියලා ඇත්තටම පාසල් දරුවන්ගේ ආරක්ෂාව සහ ඔවුන් පරික්ෂා කිරීම බලය තියෙන්න ඕන දෙමව්පියන්ට එහෙමත් නැත්නම් පාසල් ගුරුවරුන්ට. අද මේ මොන තත්ත්වයක් ද රටේ ඇතිවෙලා තියෙන්නේ. අයිස් රටට එනවා නම් සහ කුඩු රට තුළ ගැවසෙනවා නම් පොලිසිය කරන්න ඕන ඒවා සම්බන්ධයෙන් රටට ගෙන්වන කණ්ඩායම් සහ විකුණන කණ්ඩායම් කවුද කියලා හොයලා බලලා ඒවා නැති කරන එක. එහෙම නැතුව මාධ්‍ය සන්දර්ශන දාන්න පාසල් දරුවන් චෙක් කර කර හරියන්නේ නැහැ. ඒව පාසලේ ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට භාරදෙන්න පොලීසිය කරන්න ඕන මේවා සම්බන්ධයෙන් ව්‍යාපාර කරන බිස්නස් කරන කණ්ඩායම ඒ මාදිලිවලින් ග්‍රාමීය නාගරික මට්ටමෙන් හෝ රට තුළට ගෙන කණ්ඩායම් අල්ලන්න පියවර ගන්න එක. එය පොලිසිය සහ ආරක්ෂක අංශයේ වගකීම එහෙම නැතුව මම විශ්වාස කරන්නේ නැහැ පාසල් තුලට පොලිසිය ගිහිල්ලා පරික්ෂා කිරීම තුළ යම් යම් ශිෂ්‍යයන්ගේ මානව අයිතිවාසිකම් කඩ වෙනවා ඇති මේකෙ වගකීම තියෙන්න ඕන විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලයට එයාලට පුළුවන් දරුවා පරික්ෂා කරන්න ඒ නිසා මෙවැනි තත්වයක් තියෙද්දී ඇයි අවශ්‍ය පියවර අවශ්‍ය විදියට ගන්නේ නැතුව මේ ආකාරයෙන් වැඩ කරන්නේ. මේ තුළ විශාල ගැටලුවක් තියෙනවා අද ඉතාමත් භයානක තැනකට ඇවිත් තියෙනවා අපි දන්නවා අයිස් කියන මත්ද්‍රව්‍ය ශීඝ්‍රයෙන් ප්‍රචලිත වෙලා තියෙනවා ඒක මැඩ පවත්වන්න ක්‍රියාමාර්ග ගත යුතුයි ඉස්සරවෙලාම මෙය මහා පරිමාණයෙන් කරන ව්‍යාපාරිකයන් සහ සහාය දෙන දේශපාලකයන් පොලිසිය ඉහළ නිලධාරීන් සියල්ල කොටු කරල ව්‍යාපාරිකයන්ට නිසි දඬුවම් දෙන්න ඕන. ඒ වගේම ඊළඟ මට්ටමේ කණ්ඩායම් සහ තවත් කණ්ඩායම් ගණනාවක් පහලින් ඉන්නවා ඒ සියල්ල පිළිබඳව විමර්ශනය කළ යුතුයි .එහෙම නැතුව පාසල් දරුවන් පරීක්ෂා කර කර මේ රටේ කුඩු අයිස් නවත්තන්න පුළුවන් කියලා කවුරුහරි විශ්වාස කරනවා නම් ඒක විහිළුවක් .පාසල් දරුවන් පරික්ෂා කරන්න බලය දෙන්න ඕන විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයට එහෙම නැතුව අද මේ සිදු කරන්නේ මාධ්‍ය සංදර්ශනය දාලා ජනතාවගේ ප්‍රශ්න අමතක කරන එක .අද ජනතාවට තුන් වේලක් කන්න බැරිව ජීවත් වෙන්නේ. පාසල් වල ඉන්න දරුවන් උදේ ආහාර වේල ගන්න නැතුව එන ගාන දවසෙන් දවස වැඩි වෙනවා විදුහලපති තුමන්ලා කියනවා ප්‍රමාණය තවත් වැඩි වෙලා කියලා. පාසල් වල කලන්තේ දාලා වැටෙන දරුවන් ගාන වැඩි වෙලා තියෙනවා. ඒවා වහගන්න තමයි මේ ආකාරයට කටයුතු කරන්නේ. සැබෑ ලෙසම කුඩු අයිස් මත්ද්‍රව්‍ය නවත්තන්න නම් මේ ව්‍යාපාර කරන්නේ කියලා අපි අහනවා සැබෑ ලෙසම ව්‍යාපාරය නවත්තන්න නම් පැහැදිලිව මේවා රටට ගෙන්වන මහ ව්‍යාපාරිකයන් සහ මේවට උදව් කරන ආරක්ෂක සහ දේශපාලනය කරන ක්ෂේත්‍රයේ උදවිය වහාම අත්අඩංගුවට අරන් කටයුතු කරන ලෙස ආණ්ඩුවට කියනවා. එහෙම නැතුව දරුවන් අපහසු තාවට පත් කිරීම ගැන අපේ අප්‍රසාදය පළ කරනවා.

ඒ වගේම මේ වනවිට රට බංකොලොත් භාවයට පත්වෙලා ඒ තුළ ජනතාවට ජීවත් වෙන්න බැරි තැනට පත් වෙලා එදා දුන් සියලු පොරොන්දු අද කඩ කරලා තිබුණු තැනින් විශාල ලෙස ආපස්සට රට ගමන් කරනවා දැන් ගොඩ එන්න බැරි තැනට පත් වෙලා එහිදී පැහැදිලිවම කියනවා මේවා කරන්න සහ එයට සහාය දුන්න රට මේ තැනට ගේන්න කටයුතු කළ අයට දඩුවම ලබා දියයුතුයි කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතළු ලෝක සංවිධාන ගණනාවක් මානව හිමිකම් සංවිධාන පැහැදිලිවම කියනවා රටේ හිමතාම ආර්ථිකය ඝාතනයක් ඇති කරා කියලා. ඒකට වගකිව යුත්තන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මුදල් ඇමැතිවරයා විදිහට මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ ,අජිත් නිවාඩ් කබ්රාල් මුදල් රාජ්‍ය ඇමැති සහ හිටපු මහ බැංකු අධිපති මේ කණ්ඩායම ආර්ථිකය බංකොලොත් කරලා මේ රටේ ලක්ෂ විසි දෙකක් ජනතාව පාරට ඇදලා දාලා එක වේලක් හැර වේලක් කන්න බැරි තැනට මේ රට ගෙනාපු මේ කණ්ඩායමට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා පැහැදිලිවම වර්තමානයේ පත්වුණොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු රජයට කියනවා

පා.ම. ජේ.සී අලවතුවල