තුන් වේල කපු මිනිස්සු අද වේල් දෙකක් කන බවත් බෙහෙත් නොමැතිව මිනිසුන් මිය යන බවත් පොත් නැතිව බස් කුලි නැතිව දරුවන් පන් ලක්ෂයක අධ්‍යාපනය කඩාකප්පල් වී ඇති බවත් ලක්ෂ 11කගේ විදුලිය කපා ඇති බවත් ජේවිපී කාරයේ ට්‍රන්ස්ෆෝමර් ගිනි තියලා විදුලිය නැති කළා වගේ රනිල් රාජපක්ෂලා විදුලි බිල වැඩි කර විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 11කට විදුලිය අහිමි කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මහ ලේකම් රංජිත් මද්දුම බංඩාර මහතා පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය දා අම්පාරේ පැවැති සමගි ජන බලවේගයේ ගොවි ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැවීමේ අවස්ථාවට එක්වෙමිනි.
75 වසරක සාපය ගැන කතා කරන ජනතා විමුක්ති පෙරමුණ 1994 සිට එක එක ආණ්ඩුවලට මුක්කු ගහමින් රට විනාශ කිරීමට දායක වූ ආකාරය අමතක නැති බවත් ඒ වගේම පොහොට්ටුවේ මෝඩ තීන්දුවක් වන කාබනික පොහොර වගා නිසා ගොවියන්ට වසර 3ක් හරිහැටි අස්වැන්න ලබාගත නොහැකි වු බවත් මොවුන් සියලු දෙනාම කලේ රටට සාපයක් වීම බවත් ඒ මහතා මෙහිදී පැවසීය.