ආණ්ඩුව ජාත්‍යන්තරයේ ගිහිල්ලා සිඟමන් යදින බවත් ඉන්දියාවෙන් ඩොලර් බිලියන 1.2 ණයක් හා
පාකිස්ථානයේ තව ඩොලර් මිලියන 200ක් ණයක් ද, බංගලාදේශයෙන් තවත් ඩොලර් මිලියන 200ක ණයක් ද, ලබා ගැනිමට සුදානම් වන බවත් එහෙත් අද වන විට විදේශ රටවල්වල ණය දෙන ආයතන වලින් සල්ලි දෙන්නැති තත්ත්වයකට ලංකාව බංකොලොත් වී ඇති බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ ,

“රටේ පාලනයෙන් ආණ්ඩුව ගිලිහිලා වෙළඳපොලේ අවුරුදු 47කට ඒ කියන්නේ පස්සේ 1977න් පස්සේ මේ රටේ පෝලිම් යුගයක් උදා වෙලා. කිරිපිටි පෝලිම, ගෑස් පෝලිම, හාල් ,පොල් , සීනී පෝලිම් නිර්මාණය වෙලා .අවුරුදු 45 කට පස්සේ අපි හදපු රට මේ වනවිට විනාශ වෙලා. මීට අවුරුදු 40කට, 50කට ඉස්සරවෙලා රටේ බඩු ගන්න තිබුණේ නැහැ. ජනතාවගෙන් 30%ට වත් විදුලිය, මං මාවත් තිබුණේ නැහැ. වාහනයක් තිබුණේ නැහැ. අපිට මතකයි පාපැදියට පරණ ටයර් එකක් අරන් යන්න ඕන අලුත් ටයර් එකක් ගන්න. අපිට අපේ පක්ෂයට පුළුවන්කම ලැබුණා රට අලුත් සංවර්ධනය යුගයකට ගෙනියන්න. ගමේ මනුෂ්‍යයාට motor bicycle එකක්, ත්‍රීවිල් එකක් ලබා දෙන්න පුළුවන් වුණා . ජපන් වාහනයක් තියෙන තත්ත්වයට අපි ගෙනාවා. අද මේ රට කොච්චර බංකොලොත් වෙලා තියෙනවා ද කියනවා නම් පහුගිය අවුරුදු දෙකටම වාහනයක් ගේන්න විදිහක් නැහැ. computer එකක් ළමයෙකුට ගන්න බැරි තත්ත්වයක් උදාවෙලා. ස්මාට් ෆෝන් එකක් ගන්න බැරි තත්ත්වයට පත්වෙලා. ඒ විතරක් නෙමේයි අත්‍යවශ්‍ය ආහාර ටික ගන්න නැති තත්ත්වයට පත්වෙලා විදුලිය දෙන්න බැරි වී ඇතැයි” පැවසීය .

“මේ සියල්ල රටේ වැරදි මූල්‍ය කළමනාකරණය නිසා ඇති වූ දේවල් තමන්ගේ ගජ මිතුරන්ට අවශ්‍ය සහන ලබාදුන්නා. ඒ තුලින් බිලියන ගණන් අහිමි කර ගත්තා. අපිට ආරංචි තවත් ගජමිතුරුකුට උසාවියේ බේරුම්කරණ එකට යනවා කියලා එයට ඩොලර් මිලියන ගානක් ගෙවන්න යන බව” පැවසූ සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ ඉදීරියේදී ඒ සියලු තොරතුරු හෙලි කරන බවයි .

මේ බව කියා සිටියේ අද(07) විපක්ෂ නායක කාර්‍යලයේ දීය