2015 පැවැති මහ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයකු ලෙසත් 2020 පැවැති මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු ලෙසත් ඉදිරිපත් වු නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ රට හදන වැඩපිළිවෙල සමඟ අත්වැල් බැඳගනී.

නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා ශ්‍රී ලංකාවේ, එක්සත් රාජධානියේ සහ හේග් හි ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ වසර 24කට වැඩි පළපුරුද්දක් ඇති අයකු වේ. නීතිඥයකු වී කෙටි කාලයකින් රටේ හොඳ ම තරුණ පෞරුෂයන් 10 දෙනාගෙන් කෙනෙකු ලෙස පිළිගැනීමට ඒ මහතා ලක් විය. මෙරට තුළ සිටින දක්ෂ නීතිඥයකු වන ඒ මහතා නීතිඥ ක්ෂේත්‍රයේ හසල දැනුමක් ඇති අයකු වන අතර ඒ හේතුවෙන් දෙස් විදෙස් ගෞරවයන්ට ද පාත්‍ර වී තිබේ.