සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද දින පාර්ලිමේන්තු සබා ගැබේදී ජායාරූපයක් පෙන්වමින් එහි සිටින පුද්ගලයන් පිළිබදව විස්තරයක් ඉදිරිපත් කළේය.

එහිදී ෆොන්සේකා මහතා කියා සිටියේ එම ජායාරූපයේ පාතාලයේ ලඩියා නැමැත්තාගේ සහෝදරයා සමග සරත් වීරසේකර අමාත්‍යවරයාද සිටින බවකි.

එමෙන්ම මේ දිනවල ප්‍රකට ස්වාමීන් වහන්සේ නමක්ද එම ජායාරූපවල සිටින බව ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේය.

ලැඩියා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවයි සරත් ෆොන්සේකා මහතා කියා සිටියේය .

සමාජ ජාල මගින් සරත් වීරසේකර මහතා කියන්නේ පීංචන් වීරසේකර බව සරත් ෆොන්සේකා මහතා කියා සිටියේය .

වැඩි දුරටත් කියා සිටියේ වෙස්මුහුණු බැන්දත් නටන්නේ වෙන්නේ එළිපිට බවත් මිනිස්සු මරා අපරාධ නතර කරන්න යනවා නම් එය නිවට කමක් බවයි සරත් වීරසේකර මහතාට සරත් ෆොන්සේකා මහාතා කියා සිටියේ .