මැතිවරණයෙන් පසු සජබය-එජාපය සහ පොහොට්ටුව එක්ව සභාවල බලය පිහිටුවනු ඇති බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසා ඇති බවත්, හොරු සමග එකතු වෙන්න සජබයට අමාරුවක් නොමැති බවත් සජබ මාධ්‍ය ප්‍රකශක, නියෝජ්‍ය ජාතික සංවිධායක එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

අද දින මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා කියා සිටියේ වික්‍රමසිංහලාට, රුවන් විජයවර්ධනලාට හොරු සමග නිදා ගත හැකි වුවත් සජබයට එවැන්නක් කළ නොහැකි බවකි.