වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරුන්ට සිදුවෙලා තියෙන දේ දන්නා බවත් ඒ අය ආණ්ඩුව විවේචනය කලොත් අපිට විපක්ෂයට කරන්න දෙයක් නැතුව යන බවත් සමගි ජන බලවේගය⁣ටත් ඉඩක් ලබා දෙන ලෙස පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පැවසීය .

සහෝදරයෝ වගේ ඉන්න හැමෝම ආණ්ඩුවේ වැරදි කිව්වොත් අපට කියන්න දෙයක් නැතුව යන බවත් එහිදී සමගි ජන බලවේගය පාරුවෙන් යනවා වගේ සිදුවන බවත් එහෙම නොවී පොඩි සටනක් දීල එන්න අවස්ථාවක් ලබා දෙන ලෙස විපක්ෂනායක කාර්යාලයේ දී ඊයේ (24) ඉල්ලා සිටියේ ය .

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ආණ්ඩුවේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතා කළ කථාවක් වීඩියෝ පටයක් පෙන්වමින්ය.

හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ කැලණියේ ඉදිකර පාලම ගැනයි. හෙලිවැල්ලෙන් ඉන්න ආණ්ඩුවක් යහපාලනයේ මහපු සරම ඇඳගෙන අද පාලම උඩ නටන්න යන බවත් එය විලි ලැජ්ජාවක් බව එහිදී මතක් කළේය.

ත්‍රිකුණාමලය කින්නියාවේ ඊයේ පාරුව පෙරළිලා ජනතාව මිය ගිහිල්ලා තවමත් ඒ ශරීර ටික ගෙවල් වලට ලැබිල නැති මොහොතක ජනතාව එළියට බැහැලා පොහොට්ටුවේ මන්ත්‍රී ගෙදරට පහර දුන් බවත් ඇතැම් මාධ්‍ය එය අපේ මන්ත්‍රී බව බොරු කතන්දර කියලා තිබුණ බවත් මුස්ලිම් කොංග්‍රස් කෙනෙක් තවදුරටත් එයා ඉන්නෙත් පොහොට්ටු වේ බව පැවසීය . එහිදී අනිත් ඇමතිවරුන්ටත් ඉස්සරහට මේවා බලාපොරොත්තුවෙන් සිටිය යුතු බව පැවසීය .

අද ජනතාවට කන්න අඳින්න නැතිව, දරුවට උගන්නන්න බැරුව , තමුන්ගේ ගොවිපල ගොවිතැන කරගන්න බැරුව, කිරිපිටි නැතිව, පරිප්පු නැතුව ගියාම මිනිස්සු ගහන්නෙ නැතිව මොකද කරන්න ද? ගහනවා විතරක් නෙවෙයි සරම් ගලවල අරින බව පැවසීය .

මොකක්ද මේ රටේ අද කරන්නේ අතන මිනිස්සු ටික මැරිලා පාලමක් ඉල්ලල බෙරිහන් දෙන වෙලාවේ උජාරුවෙන් ගිහිල්ලා තව එකෙක් හදපු පාලමක් අද (24) විවෘත කරන බවත් අඩුම ගානේ තව සතියක් දෙකක් පස්සට ගන්න හිතේ පොඩි හරි අනුකම්පාවක් නැද්ද ? එහෙම වත් හිතන්න බැරි නම් මේ පාලකයෝ රටට අවශ්‍ය ද? ඒ මහතා ප්‍රකාශ කලේය .

එහිදී තව දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා
අද පොහොර කියන්නේ අලුත්ම එකක්. මතක තියාගන්න එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා පොහොර දුන්නෙ 350ට. ඊට පස්සේ අපේ යහපාලන ආණ්ඩුව පොහොර දුන්නේ 550 ට. මොනවද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇවිල්ල වේදිකාවේ කිව්වේ. මගේ අයියා කියනවා ගෝඨාභය තවදුරටත් මිනිස්සුන්ට පොහොර සල්ලි වලට දෙන්න එපා .නොමිලේ දෙමු කියලා ඔන්න මම දැන් නොමිලේ දෙනවා කිව්වා 69 ලක්ෂයක අය මේවා දැනගන්න ඕන. එදා වේදිකාවේ අඬපු විදිය ගැන අද මොකද උනේ මතක තියාගන්න එදා 350 ට දීලා යහපාලනය 550 ට දීලා නොමිලේ දෙන්න ආපු ආණ්ඩුව අද රුපියල් 6500ට ගොවියට රසායනික පොහොර දෙනවා. විළිලැජ්ජාවක් නැතුව කෘෂිකර්ම ඇමතිවරයා ඇවිත් නැවත මාධ්‍යයට කියනවා අද රසායනික පොහොර ගේන්න කොම්පැනිවලට දෙනවා කියලා යකෝ කොම්පැනි කියන්නේ ජාවාරමක් ආණ්ඩුවෙන් පොහොර ටික ගේන්න ඕන මේ වෙලාවේ ආණ්ඩුවෙන් පොහොර ගෙනාවාම හොරකම් කරන්න බැහැ, වංචා කරන්න බැහැ ,කොමිස් ගහන්න බැහැ, හැබැයි කොම්පැණි වලින් ගෙනාපු මොකද වෙන්නේ කොමිස් ජාවාරම් සියල්ලම වෙනවා. එහිදී හොඳට පේනවා කවුද පොහොර කම්පැනි ඉන්නේ කියලා .නිලධාරීන්ට ඇඟිල්ල දික් කරලා විශේෂඥයෝ කියන කියන කාරණාවක් ගානේ කිව්වා නිලධාරීන්ට කාර් එකක් දීලා තියෙන්නේ පොහොර කම්පැනි කාරයෙක් කිව්වා දැන් කවුද මේ නිලධාරින්ද නැහැ රටේ නායකයන්ගේ ඉඳලා ඇමතිවරයා දක්වා කියනවා දැන් පළිබෝධ නාශකයි පොහොරයි ගේන්න දෙනවලු එසේ කියන්නේ කටක් ඇරලා ද? මෙච්චර කල් මොනවද කිව්වේ මොකක්ද මේ නටපු නාඩගම මාස ගාණක් තිස්සේ ගොවියා හෙම්බත් කරලා සමහර මිනිස්සු මැරිලා.කන්නැතුව එක වේලක් කමින් ජීවත් වෙමින් මේ රටේ ගොවිතැන මැරෙන කොට ආණ්ඩුව දැන් කියනවා රසායනික ගේනවා කියලා මේක පිස්සු ආණ්ඩුවක් බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේය .