මෙරට කොන් වී වෙන් වී හුදකලා වී ඇති වතු ජනතාවට පිළිගැනීමක් ලැබුණු බවත් සමගි ජන බලවේග ආණ්ඩුවකටත් පෙර මෙවැනි පිළිගැනීමක් ලැබීම සතුටට කරුනක් බවත් මෙය වරප්‍රසාද හෝ දේශපාලන වුවමනා වෙනුවෙන් නොව සැබෑම සමාජ ගිවිසුමක් බවත් මේ තුළින් වතු ජනතාවගේ පුරවැසිභාවය සැබෑ ලෙසම සම්පූර්න වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා පැවසීය.
මනෝ ගනේෂන් මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් උඩරට හා පහතරට වතු ප්‍රජාව වෙනුවෙන් ප්රඥප්තියක් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
වතු ජනතාවට පුරවැසිභාවය ලැබුණත් එය සර්ව සම්පූර්ණ වී නොමැති නිසා මේ අයව සැබෑ ලෙසම ශ්‍රී ලාංකිකයන් ලෙස පිළිගන්නා ලෙසත් ඒ මහතා මෙහි දී පැවසීය.