බඩගින්නේ ඉන්න මිනිස්සු වෙනුවෙන් හඬ අවදි කළ වෛද්‍යවරුන්ට තර්ජනය කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නීතිඥ මහතා ඇතුළු සහචරයින්ට නුදුරේදීම ජනතාව ප්‍රතිචාර දක්වන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව අද මාධ්‍ය හමුවකට සහබාගී වෙමින් පැවසීය.
වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා මෙහිදී කියා සිටියේ කෙහෙළිය රඹුක්වැල්ලගේ නීතිඥ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය වරුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පැවසූ බවත් එසේ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම ඉතාමත් වැදගත් බවත් එවිට හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සිද්ධිය පිළිබඳව පමණක් නොව සෞඛ්‍ය අමාත්‍යංශය තුල සිදු වූ දුෂණ වංචා රාශියක් පිළිබඳව තොරතුරු සහිතව අධිකරණයට ඉදිරිපත් කළහැකි බවත්ය.
වෛද්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ 2024 වසර මැතිවරණ වසරක් නිසා කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධ මෙම හියුමන් ඉමියුනොග්ලොබියුලීන් නඩුව ජනතාවට ඡන්දයට පෙර හොඳට හිතන්න අවස්ථාවක් බවයි.