අද රට තුළ පවතින තත්වය ගැන හිතන විට ඇත්ත කතා කළ යුතු බවත්. පනවා තිබෙන හදිසි නීතිය ,විරෝධතා මර්දනය සහ මානව හිමිකම් කැඩීමට සම්පූර්ණ විරුද්ධ බවත් ඊයේ (07) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහබාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ ඉරාන් වික්‍රමරත්න මහතා.

අද රට තුළ පවතින තත්වය ගැන හිතන විට ඇත්ත කතා කළ යුතුයි. එක් අතෙකින් හදිසි නීතිය ,මර්දනය, මානව හිමිකම් කැඩීමට අපි සම්පූර්ණ විරුද්ධයි.අනිත් පැත්තෙන් අපිට පේනවා අම්මලා දරුවන්ව පාසල් ඒවා ගන්න බැරුව දුක් විඳිනවා. විභාගයේ ගණිතය විෂයේ ප්‍රථිපල ප්‍රතිශතයක් වශයෙන් ලංකාවේ ඉතාමත් අඩුයි.මේ අර්බුදය තුළ ගැටලු රාශියක් තිබෙනවා. එය අපි සමනය කරගත යුතුයි .ආර්ථික පැත්ත වගේම දරුවන් පාසල් යන්න ඕන පාසල් යන්න තෙල් ටික නැත්නම් යන්න විදිහක් නැහැ. අපි පොදු ප්‍රවාහනය වැඩි කරගන්න ඕන. රෑට අම්මා කෙනෙක්ට පොඩි දරුවෙක් ඉන්නවනම් ෆෑන් එක දාන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. මේ දේවල් පොඩි දේවල් නෙමෙයි අම්මට ලොකු දේවල් දරුවා හරියට නිදා ගත්තොත් තමයි අම්මට නිදහස තියෙන්නේ ඒ වගේම ගොඩක් අයට අද රැකියාවට යන්න බැරිවෙලා තියෙනවා නිවසේ සිට වැඩ කිරීම හොඳයි නමුත් හැම රැකියාවක් ගෙදර ඉඳගෙන කරන්න බෑ රැකියාවට යන්න එන්න ඉඉන්ධන තියෙන්නම ඕන. මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න මට කියලා තියෙනවා ඉන්ධන නැහැ කියනවා ඔවුන්ට කොළඹ ඉන්න තැනක් නෑ මේ ප්‍රශ්නේ මිනිස්සුන්ගේ පුද්ගලික පැත්තෙන් බැලුවම නොයෙකුත් ප්‍රශ්න තියෙනවා අද රැකියාවල් නැතිවෙලා ආදායම් නැතිවෙලා ඖෂධ හිගයි සැත්කම් කරන්න ගියාම කාලයක් බලාගෙන ඉන්න වෙනවා.

එක පැත්තකින් අපි මර්දනයට විරුද්ධයි රජයට කියනවා වහාම හදිසි නීතිය ඉවත් කරන්න කියලා නීතියට හැමෝම ගරු කරන්න ඕන රජයත් නීතියට අනුව වැඩ කරන්න ඕන. අපිට ලොකු කණගාටුවක් බරක් පීඩනයක් තියෙනවා මේ ආර්ථික ප්‍රශ්න දිහා බැලුවම. ඒ නිසා තමයි අපි ජනාධිපතිතුමා මුණ ගැසු⁣ණේ අපි එහිදී කිව්වා සහාය දෙන්න ලෑස්ති කියලා මොකද ආර්ථික ප්‍රශ්න නිවා ගන්න ඕන. බියෙන් රටක් පාලනය කරන්න බැහැ ඒ නිසා තමයි අපි කියන්නේ හදිසි නීතිය අයින් කරන්න කියලා මේ වන විට එක එක සිවිල් සමාජ ක්‍රියාකාරීන් අත්අඩංගුවට අරන් තිබෙනවා ඒ සමහර අය අත් අඩංගුවට ගත්තේ ඇයි කියලා අපිටම පුදුමයි .ජෝසප් ස්ටාලින් කියන වෘත්තීය සමිති නායකයා ජීවිතේ වැඩි කාලයක් කැප කරලා තියෙන්නෙ වෘත්තීය සමිති වෙනුවෙන් සේවකයන් වෙනුවෙන් වැඩ කරන්න. එතුමාවත් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ ප්‍රශ්නය ගැන ජනාධිපතිතුමා එක්ක කතා කරා එහි දී ජනාධිපතිතුමාට එය තේරුම් ගියා අපි ප්‍රාර්ථනා කරනවා මේ වගේ අයව හදිසි නීතිය යටතේ නෙමෙයි කරුණු කාරණා තියනවනම් එය වෙනම වැඩක් නීතිය පාර්ලිමේන්තුවේ ඉන්න අපිටත් ක්‍රියාත්මක වෙන්න ඕන නමුත් හදිසි නීතිය පාවිච්චි කරලා ඒ අයව අත්අඩංගුවට ගන්න එකට අපි සම්පූර්ණම විරුද්ධයි. ඒවා අපි ප්‍රතික්ෂේප කරනවා. මෙවැනි අය ගොඩක් ඉන්නවා ඒ තුළ මාධ්‍යවේදීන් ඉන්නවා සමාජ ජාලා ක්‍රියාකාරීන් ඉන්නවා ඇතැම් අය දැන් නිදහස් කරල තියෙනවා නමුත් හුඟක් අය තාම ඉන්නවා අපි රජයෙන් වහාම ඉල්ලීමක් කරනවා ඔවුන්ව නිදහස් කරන්න කියලා.

අපි ආර්ථිකය ගොඩනගන්න උදව් කරනවා එම තීරණය අපි ගත්තා මොකද බරපතළ ප්‍රශ්න රැසක ජනතාවට මුහුණ දෙන්න සිදුවෙලා ඒ දිහා බැලුවම අපි උදව් කරන්න ඕන මොකද ඒ ඉල්ලීම දිගින් දිගටම තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාකච්ඡා පැවැත්වෙනවා එම සාකච්ඡා වලට පස්සේ එය සමගියක් ඇතිකරලා ගිවිසුමක් අත්සන් කරාම මිත්‍ර රටවල්වල ආධාර අවශ්‍ය වෙනවා අපි කතා කරන්නේ රට වෙනුවෙන් ආණ්ඩුවක් වෙනුවෙන් පුද්ගලයෙක් වෙනුවෙන් නෙමෙයි මොකද තෙල් පෝලිමට වඩා ලොකු ගැඹුරු ප්‍රශ්න රටේ තියෙනවා. අධ්‍යාපනික ප්‍රශ්නය සෞඛ්‍ය ප්‍රශ්නය බොහොම ගැඹුරුයි ඒ වගේම රැකියා ප්‍රශ්නයත් තියෙනවා ගොඩක් අහිමි වෙලා හුඟක් අයගේ ආදායම් නැතිවෙලා කුඩා හා මධ්‍යම මට්ටමේ ව්‍යාපාර කඩාගෙන වැටිලා ඒ නිසා තමයි අපි රජයට සහාය දෙන්න තීරණය කළේ. මොකද ආර්ථිකය කඩා වැටෙන්න දෙන්න බැහැ එය ගොඩනඟන්න ඕන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමක් තිබුනොත් ඒ තුළින් ජාත්‍යන්තර වෙළෙඳ පොළේ විශ්වාසයක් ඇතිවෙනවා. දැනට ආයෝජකයන් කාලයකට එන්නේ නැහැ නමුත් අවම වශයෙන් අපට පුළුවන් වෙනවා ජාත්‍යන්තර වෙළෙඳ පොළෙන් අපිට ආධාර ලබාගන්න ඒකට අපි රජයට උදව් කරන්න ලෑස්තියි ඒ වෙනුවෙන් පෙනී සිටින්න ලෑස්ති එය රට වෙනුවෙන්.

ගොඩක් අය අහනවා අපි සර්ව පාක්ෂික ආණ්ඩුවකට යනවද කියලා සර්වපාක්ෂික ආණ්ඩුවක් නෙමෙයි අපිට ඕන සර්ව පාක්ෂික පාලනයක් නැත්නම් හිතනවා අපි තනතුරු ගන්න යනවා කියලා අපි එහෙම යන්නේ නැහැ අපි එහෙම ගන්නත් බැහැ අපිට ඕන සර්ව පාක්ෂික පාලනයක් මොකද මේ වෙලාවේ ඔක්කොම එකතුවෙලා රට කොහොමද ගොඩගන්නේ කියන එක ගැන කතා කරන්න ඕන ආර්ථිකයක් කොහොමද ගොඩගන්නේ කියලා කතා කරන්න ඕන සර්වපාක්ෂික වැඩපිළිවෙළක් සර්ව පාක්ෂික පාලනයක් අවශ්‍යයි ඒ වගේම සර්වපාක්ෂික ජනතාවකුත් අවශ්‍යයි අපි එතනට ගියත් ජනතාව බෙදිලා ඉන්නවනම් කොහොමද කරන්නේ හුගක් අය කියනවා උදව් කරන්න වෙලාව හරි කියලා තනතුරු නැති උනත් අපි සර්වපාක්ෂික පපාලනයට අත දෙන්න ඕන කියන එක පැහැදිලි හැබැයි ජනතාව දිහා සම්ප්‍රදායික කෝණයෙන් බැගුවොත් හැමදාම ජනතාවත් බෙදිලා එක පැත්තකින් කියනවා උදව් කරන්න කියලා අනිත් ජනතාව බෙදිලා ඉන්නවනම් ඒක හරියන්නේ නැහැ ඒ නිසා ජනතාවත් ඕන මේක යුද්ධයක් වගේ අපේ මේක ආර්ථික යුද්ධයක් අපි බංකොලොත් වෙලා තියෙන්නේ ඒ තුළින් කොහොමද ඉදිරියට එන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කථා කරනවාට අමතරව අපි ණය අරගෙන තියෙනවා ඒවා කතාබහ කරලා ණය ගෙවන විදිය හදාගන්න ඕන. අපි විදේශීය ණය අරගෙන තියෙනවා ඒවා ගෙවා ගන්න බැරි වෙලා තියෙන්නේ මොකද අපි උපයන විදේශ මුදල් ඩොලර් ප්‍රමාණය අඩුයි ඒ නිසා අපිට එක ගෙවාගන්න බැරි තත්වයකට ඇවිල්ලා මෙහිදී දීර්ඝකාලීන බැලුවොත් අපනයනය වැඩි කරලා තමයි ගොඩ එන්න පුළුවන් එයට හුඟක් බාධක තියෙනවා ඒවා ඉවත් කරන්න ඕන පසුගිය රජයන් විදේශ ණය ගත්තා එතන තමයි වරද මොකද ණයක් ගත්තම ඒ ණය යොදවන්න ඕන ආදායමක් ලැබෙන තැනකට නොලැබෙන තැනකට යෙදෙව්වොත් අනිවාර්යෙන්ම වරදිනවා ව්‍යාපාරයකට ණයක් ගත්තම එහි අවදානමක් තියෙනවා එය සාධාරණයි මොකද අපේ රටේ ණය අරගෙන ආදායමක් නැති ඒවට යොදවලා එය මානව සංවර්ධනයට දැම්මනම් ආදායමක් එනවා නමුත් යටිතල පහසුකම් වෙනුවෙන් තමයි දාලා තියෙන්නේ ඒ නිසා තමයි අපි හිර වෙලා ඉන්නේ ඒ වෙනුවෙන් එදා රජයට වගකීමක් තියෙනවා හැබැයි ණය දුන්න අයටත් වගකීමක් තියෙනවා ඒ අයත් හොයල බලන්න ඕන මොකටද මුදල් දෙන්නෙ කියලා මේක මූල්‍යමය වශයෙන් කළ යුතු දෙයක්ද නැද්ද කියලා දැන් අපි බංකොලොත් අපට ණය ගෙවා ගන්න බැහැ ඒ නිසා තමයි අපිට සහනයක් අවශ්‍යයි වන්නේ එක එක කතාවල් ඇවිත් කියන්න එපා අපි ඒවා ප්‍රතික්ෂේප කරනවා. විසඳුමක් දෙන විට ඒ තුළින් තවත් ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඒක විසඳුමක් නෙමෙයි ජ්‍යාන්තරයෙන් අපට මුදල් දෙන පාර්ශව වගකියන්න ඕන මොකද බැංකු පද්ධතිය අවදානම වැඩි කරලා හරියන්නේ නැහැ ඒ නිසා අපි කියන්නේ විදේශීය ණය ප්‍රතිසංස්කරණය කරන්න ඕන බැංකු පද්ධතිය අවධානමට දැමීමට අපි සම්පූර්ණම විරුද්ධයි