සුසිල් පේ‍්‍රමජයන්ත ඇමැතිවරයා, රාජ්‍ය ඇමැතිධූරයෙන් ඉවත් කිරීම ජනාධිපතිවරයාගේ තීරණයක් බවත්, ඒ ගැන කැබිනට් මණ්ඩලයේදී හෝ පක්ෂය තුළ සාකච්ඡුාවට ලක් නොවූ බවත් ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා පැවසුවේය.

සුසිල් පේ‍්‍රමජයන්ත ඇමැතිවරයා ඉවත් කිරීමට හේතුව කුමක්දැයි සොයා බැලිය යුතු බවද කැබිනට් තීරණ දැනුම් දීමේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී මාධ්‍යවේදියෙක් නැගූ ප‍්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා සදහන් කළේය.

තමන් මේ ගැන දැන ගත්තේ කැබිනට් තීරණ දැනුම්දීමේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවට පැමිණෙන අතරවාරයේදී බවද ඔහු සදහන් කළේය.

තමන්ගේ මිත‍්‍රයෙක් ලෙස සුසිල් පේ‍්‍රමජයන්ත ඇමැතිවරයා ඉවත් කිරීම ගැන කණගාටුවට පත් වන බවත්, මෙසේ ඇමැතිධූරයෙන් ඉවත් කිරීම සදහා වන තීරණය ජනාධිපතිවරයා විසින් ගත් තීරණයක් බවද ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා කීය.

සුසිල් පේ‍්‍රමජයන්ත ඇමැතිවරයා ඉවත් කිරීම සදහා හේතුවූ කරුණ කුමක්දැයි යන්න ගැන හෙට දිනයේදී බලමු යැයිද වැඩිදුරටත් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා සදහන් කළේය.