ඇතැමුන් අපේක්ෂා කරන්නේ ආයුබෝවේවා මගරජාණෙනි කියනවාට වුවත් විය යුත්තේ ආයුබෝවේවා මහජනතාවෙනි යනුවෙන් බව පැවසූ විපක්ෂ නායකතුමා දේශපාලකයින් යනු ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන සේවකයින් පිරිසක් බවද පැවසීය.


දේශපාලනය වෙනුවට සමගි ජනබලවේගයේ ප්‍රතිපත්තිය “දේශසේවය”යැයිද කීය.
කවුරු සමගි ජනබලවේගය ගැන විවේචනය කළත් ජනතා සේවය වෙනුවෙන් තම පක්ෂය කරන මෙහෙවරට කිසිවෙකුට සමීප වීමටවත් නොහැකි බව පැවසූ විපක්ෂ නායකතුමා ජනතා සේවය පිලිබදව පරමාදර්ශය තම පක්ෂය සතු බවද කීය.
විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ දිවංගත සංගීතවේදී සුනිල් පෙරේරා මහතාට පුණ්‍යානුමෝදනා කරමින් පැවැති වැඩසටහනකට එක් වෙමිනි.
දශක ගණනාවක් ස්වකීය සුනිල්වන් ස්වරයෙන් ලාංකේය ගීත වංශකතාවේ නොමැකෙන සලකුණක් තැබූ අද්විතීය හඬ පෞරුෂය, දිවංගත සුනිල් පෙරේරා සංගීතවේදියානන් සිහිපත් කරමින්,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක 

balavegaya IMG 20211221 WA0041

“සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 34 වන පියවර ලෙස රුපියල් විසිතුන් ලක්ෂ හැටදහසක් (රු. 2,360,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ මොරටුව ලුනාව රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.

එකක් රුපියල් දෙලක්ෂ අනූපන් දහසක් (රු. 295,000) වටිනා Edam Multipara Monitor යන්ත්‍ර 8ක් මෙලෙස පරිත්‍යාග කරනු ලැබූ අතර, අදාල උපකරණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ජේ.එම් ජයතිලක මහතා වෙත පරිත්‍යාග කරනු ලැබීය.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්‍යපාද අගලකඩ සිරිසුමන නාහිමිපාණන්වහන්සේ ද මෙම අවස්ථාවට වැඩමකොට සිටියහ.

balavegaya IMG 20211221 WA0047

එම අවස්ථාවට සුනිල් පෙරේරා සංගීතවේදියානන්ගේ සොයුරු පියල් පෙරේරා ඇතුළු පවුලේ ඥාතීන් සහ හිතවතුන් මෙන්ම සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ඇතුළු දේශපාලන අධිකාරියද එක්ව සිටියහ.

balavegaya IMG 20211221 WA0045

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මීට පෙර වට 33ක් තුල ලක්ෂ 992ක (රුපියල් 99,250,000) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කරනු ලැබීය.