වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට තමන් සූදානම් නැති බව ජනාධිපතිවරයා පවසා ඇතැයි වාර්තා වේ.

සිය නීති කණ්ඩායමේ උපදෙස් මත ජනාධිපතිවරයා මේ බව කතානායකවරයාට දැනුම් දී ඇති බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්, ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා නිකුත් කර තිබේ.

ඉහළ නිලයක් දරන නිළධාරියෙකු ඉල්ලා අස්වුවහොත් හෝ මියගියහොත්, ජනාධිපතිවරයා එම නිළධාරියා වෙනුවට වැඩ බලන අයෙකු පත් නොකරන්නේ දැයි නීතීඥ සාලිය පීරිස් මහතා එම නිවේදනයෙන් ප්‍රශ්න කරයි.

පෙනෙන හැටියට, ජනාධිපතිවරයා ඔහුගේ වගකීම් පැහැර හැරීමට උත්සාහ කරන බව පෙනී යන බැවින්, සිය වගකීම් හරිහැටි ඉටු කළ නොහැකි ජනාධිපතිවරයා තාවකාලිකව ඉල්ලා අස්විය යුතු බවත්, ජනාධිපතිධූරය වැඩ බැලීමේ කාර්යය අග්‍රාමාත්‍යවරයාට පැවරිය යුතු බවත්, නීතීඥ සාලිය පීරිස් මහතා යෝජනා කරයි.