ඉතිහාසයේ බිහිවන පුළුල්තම සන්ධානය වන සමගි ජන සන්ධානය අද (2024/08/08) පෙරවරු 9.00ට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී එළිදැක්වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ නව වන ජනාධිපතිවරයා බවට පත්කිරීම උදෙසා මේ වන විටත් දුෂිතයන් නොවන විශාල පිරිසක් සමගි ජන බලවේගයේ රට හදන වැඩපිළිවෙල සමඟ එකඟතාවය පළකර ඇති අතර අද එම වැඩපිළිවෙල වඩාත්ම පුළුල්ව ජයග්රහණයෙන් පසු රට ගොඩගැනීම වෙනුවෙන් සමගි ජන සන්ධානය ලෙස එළිදක්වන ලදි.
සැමට ජයක් සමගි හෙටක් යන තේමාව යටතේ නිර්මාණය වන ඉතිහාසයේ දැවැන්තම සන්ධානය එළිදැක්වීමේ ආනුභාව සම්පන්න සුබ මොහොතට සහබාගී වන ලෙස ශ්‍රී ලංකා වාසි සියලු පුරවැසි ජනතාවට සමගි ජන බලවේගය විසින් විවෘත්තව ආරාධනා කරනු ලබයි.