2021 සහ 2022 කාල වකවානුවල රටේ ඇතිවුණ ආර්ථික අර්බුදයට මහින්ද රාජපක්ෂ , ගෝඨාභය රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ , අජිත් නිවාඩ් කබ්රාල් , පි.බී ජයසුන්ද සහ ඩබ්ලිව් ඩි ලක්ෂ්මන් යන පිරිස වගකිවයුතු බවටත් ඒ හරහා ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවටත් වන මුලික අයිතිවාසිකම් පෙත්සමක් සමගි ජනබලවේගයේ බුද්ධි මණ්ඩප සමාජිකයන් විසින් ගොනුකර තිබුණි.

ඒ අනුව එම පෙත්සම විභාගයට ගත් අගවිනිසුරු බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරුන් නියෝග කළේ , මහින්ද රාජපක්ෂ , ගෝඨාභය රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ , අජිත් නිවාඩ් කබ්රාල් , පි.බී ජයසුන්ද සහ ඩබ්ලිව් ඩි ලක්ෂ්මන් ඇතුළු වගඋත්තරකරුවන් 38 දෙනා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවටත් පෙත්සම්කරුවන්ට රුපියල් 150,000 ක් බැගින් ගෙවන ලෙසටත්ය.

සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජික මහීන් මෙන්ඩිස් සහ සමගි ජනබලවේගයේ බුද්ධි මණ්ඩල සමාජිකයින් වන නවීන් මොරායස් , අතුල ශ්‍රී සමරකොන් යන මහත්වරුන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබුණි.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් සමගි නීතිඥ බලවේගයේ සභාපති ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ඇතුළු සමගි ජනබලවේගයේ නීතිඥ කණ්ඩායම පෙනී සිටියහ.