රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූ පසු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩලය ප්‍රධානී තනතුර ලබාදුන් සාගල රත්නායක ගමන් ගත් රථ පෙළ, ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කළ 21 හැවිරිදි සිසුවෙකු කොල්ලුපිටිය පොලිසිය විසින් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුවිල් ප්‍රදේශයේ අල් නජාත් මාවතේ පදිංචි තරුණයෙකි.
තරුණයා මෙම රූපරාමුපෙළ වීඩියෝගතකර ඇත්තේ කොල්ලුපිටිය අර්නස්ට් ද සිල්වා මාවතේ 28 වන පටුමග හන්දිය අසල බවයි තහවුරු වන්නේ. සැකකාර 21 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන එම තරුණයාගේ ජංගම දුරකථනයද කොල්ලුපිටිය පොලිස් බාරයට ගෙන ඇත.
සැකකාර සිසුවා පොතුවිල් අල් නජාත් පාරේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු සමඟ ඩුබායි තානාපති කාර්ය වෙත පැමිණ ඇති බවත් එම අවස්ථාවේදී මීට පෙර පොලිස් ආරක්ෂාව මත ගමන් ගන්නා VIP රථ පෙළක් සියැසින් දැක නොමැති බැවින් වීඩියෝ ගත කල බවට ප්‍රශ්න කිරීමේදී ප්‍රකාශ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
කොල්ලූපිටිය පොලිසිය ඒ පිලිබඳ පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.