ලෝකයේ රටවල සාගතයක් ඇති වීමත් සාගතයක් නිර්මාණය වීමත් යනු දෙකක් බවත් අතීතයේ අපේ රටේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කිව්වත් මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා එයට දැන් කියන්න වෙන්නේ යක්ෂයාගේ දේශයක් බව විපක්ෂනායක කාර්යාලයේ (30)පැවති මාධ්‍ය හමුවකදී හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ අද වන විට ජනතාවට උදේට පෝලිමේ, දවල්ට හාමතේ, රෑට කලුවරේ සිටීමට සිදුවී ඇති බවයි.

ලෝකයේ රටවල සාගතයක් ආව නම් එයට ගෝලීය හෝ ස්වාභාවික විවිධ හේතු තිබුණු බවත් එය උදාහරණ වශයෙන් යුද්ධයක්, වසංගතයක්, ආර්ථික කඩා වැටීම් වැනි දේවල් වලින් බව පැවසීය .

එහිදී ආණ්ඩුවක් විසින් සාගතයක් නිර්මාණය කරපු එකම රට ශ්‍රී ලංකාව කියන විරුදාවලිය ඉදිරියේදී පොහොට්ටුවේ රාජපක්ෂලාට ජනතාව නම් කිරීමට ඉඩ ඇතැයි මන්ත්‍රීවරයා පැවසීය .

ඒ වගේම මේ රටට කාබනික පොහොර පමණක් භාවිතා කිරීමට සුදුසු යැයි GMO එක ඇතුළු දොස්තර මහත්තුරු සියලුදෙනාම ආණ්ඩුව නොමඟ යැවූ බවත් රසායනික පොහොර තුලින් වකුගඩු රෝගය සැදී මේ රටේ මිනිස්සු මිය යන බවත් කාබනික පොහොර දාලා කෘෂිකර්මාන්තය කරන්න ඕන කියලා එක රැයෙන් වෙනස් කරන්න ගොන් තකතීරු මෝඩ තීන්දුවක් ගත් බව ද පැවසීය .දැන් GMO එක අතුළු දොස්තර මහත්තුරුන්ට හා ආණ්ඩුවේ මහ එවුන්ට කියනවා වහාම රටින් එන හාල් රසායනික පොහොර දාලා නිෂ්පාදනය කර නිසා කෑවොත් වකුගඩු රෝග හැදෙනවා යැයි හාල් බෑග්වල ස්ටිකරයක් අලවන්න යැයි ඒ මහතා අවධාරණනය කලේය .

තවද ,ජනාධිපතිතුමා ඉදිරි අවුරුදු තුනෙන් රට හදනවා ඒක මහ කජ්ජක්ද කියලා ප්‍රකාශ කළා. එහෙනම් අපිට අහන්න වෙන්නේ අවුරුදු දෙකක් පොල් ගෑවද කියලා. මොකද අපිට වඩා පහළ ආර්ථිකය තිබුණු රටවල් මේ කොරෝනා වසංගතය එක්ක ආර්ථික වශයෙන් සංචිත ශක්තිමත් කර ගත්තා. නමුත් අපේ රටට මෙහෙම වුනේ ආන්ඩුවේ වරදක් ද? විපක්ෂයේ වරදක් ද? ජනතාව තීන්දු කරනු ඇතැයි මන්ත්‍රීවරයා පැවසීය .