සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද (13) උදෑසන 06.30 සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා කියා සිටියේ වෛද්‍යවරුන්ට ලබා දෙන ඩැට් දීමනාවට සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා මෙම වර්ජනයේ නිරත වන බවයි.
රවී කුමුදේශ් මහතා කියා සිටියේ මුදල් අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය වැනි මේ සම්බන්ධයෙන් වගකිවයුතු රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වූවත් ඒම සියලු සාකච්ඡාවන් අසාර්ථක වූ බවත්, එමනිසා කණගාටුවෙන් හෝ න් නැවතත් වර්ජන ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට සිදුවන බවත්ය.