ධම්ම පදයක් උපුටා දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා ආණ්ඩුවට කියා සිටියේය සරු දේ නිවැරදිව තේරුම් ගෙන, යටි හිත කියන දේ වටහාගෙන, හරි පාරට එන මෙන් ඉල්ලා සිටියේය .

ඔහු කියා සිටියේ නිසරු දේ සරු වශයෙන් අවබෝධ කර ගත්, නිසරු දේ සරු වශයෙන් අවබෝධ කර ගත්, මිත්‍යා සංකල්ප වලට ගොදුරු වුවන්ට නිසරු ප්‍රතිඵලම ලැබෙන බවයි .

මේ රටේ ජනතාව අර්ථිකය පිළිබඳව කලකිරීමක් ඇති බවත් ජිවත් විමට අවශ්‍ය අහාර ද්‍රව්‍ය සපයා ගැනිමට නොහැකි තත්ත්වයක මුහුණ දී ඇති බවත් එය ආණ්ඩුව වටහා ගත යුතු බව මන්ත්‍රීවරයා පැවසීය .

ජනතාවට තුන් වෙලේන් දෙවේලක් අහාර අනුභව කර රටට පරිත්‍යාග කරන බවට පවසන ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් ඉම්තියාස් බාකීර් මාකාර් මන්ත්‍රීවරයා විමසා සිටියේ මේ ලෝකයේ ද, ජිවත් වෙන්නේ යන්නයි . ඔහු කියා සිටියේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට සඳළුතල වලින් බැස ජනතාවගේ ප්‍රශ්න විසදන ලෙසයි .

මේ බව කියා සිටියේ ඊයේ පාර්ලිමේන්තුවේ දී වන අතර ශ්‍රි ලංකාවේ පෞද්ගලික දත්ත ආරක්ෂණ නිතීය අවිවාදයෙන් පිළිගන්නා නමුත් ඊයේ දින ඉදිරිපත් කළ පනත් කෙටුම්පත මගින් මිනිසාගේ නිදහස් උරුමයට තර්ජනක් වන බවත් මාධ්‍ය නිදහස, තොරතුරු දැන ගැනිමේ අයිතිය නැති වී යන බව ද, මන්ත්‍රීවරයා පැවසීය .

මන්ත්‍රීවරයා කියා සිටියේ විවිධ පාර්ශවයන් මෙම ඉදිරිපත් කළ කෙටුම්පත පිළිබඳ චෝදනා එල්ල කරන බවත් ආණ්ඩුව මෙය ඉදිරිපත් කිරීමට පෙර කර යුත්තේ ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉදිරිපත් කර යුතු බවයි .

මෙමගින් ප්‍රජාතන්ත්‍රවාදයට පහරක් එල්ල වන බවත් ජනතාවගේ ප්‍රශ්න විසදීමට නොහැකි විට මර්දනය අරම්භ කරන බවත් ජනාධිපතිවරයාගේ අභිමතය පරිදී මෙවැනි අධිකාරිය ඇති කිරීමෙන් ජනතාවගේ ස්වාධිනාත්වය නැති වී යන බව ද, මන්ත්‍රීවරයා පැවසීය .

සටහන – CJ