පසුගියදා විරෝධයක් පෑම හේතුවෙන් අත්අඩංගුවට පත් සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා සහ විදුලි බලය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් ධම්මික සංජීව යන මහත්වරුන් අද (24) අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ, ඔවුන් ඊයේ (23) රාත්‍රියේ කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත් බවයි.

පසුගියදා මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙක් විසින් විදුලි බිල වැඩි කිරීමට පක්ෂව කරුණු දැක්වීම හේතුවෙන් සංජීව ධම්මික සහ ආනන්ද පාලිත සිය විරෝධය පළ කරමින් කටයුතු කර තිබුණා.

මොවුන් සාපරාධි බලහත්කාරය පෑම යන චෝදනා ඔවුන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ ය.