අවස්ථාවක් ලැබුණු විට රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පත් කිරීමට සමගි ජන බලවේගය ප්‍රතිඥා දී ඇති බව පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ පුරප්පාඩුවක් ඇති වූ විට ජාතික ලැයිස්තුවෙන් පත්වීම ලබාදීමට සමගි ජන බලවේගය එකඟ වී ඇති බවයි.
ජාතික ලැයිස්තුවේ පුරප්පාඩුවක් ඇති වූ පළමු අවස්ථාවේදීම රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට පත් කරන බවට සමගි ජන බලවේගයේ අපි මුළු හදවතින්ම ප්‍රතිඥා දෙනවා,
යනුවෙන් විපක්ෂ නායක සිය Twitter පණිවිඩයේ සටහන් කර තිබෙනවා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක, හරීන් ප්‍රනාන්දු, ඉමිතියාස් බාකීර් මාකර්, එරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ මේ වන විට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරවලින් පාර්ලිමේන්තුවට පත් කර ඇත.
2021 ජනවාරි මාසයේදී අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රාමනායක වරදකරු වී වසර හතරක සිරදඬුවමක් නියම විය.
වරදකරු වීමත් සමඟ රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පසුගිය වසරේ අහෝසි විය.
කෙසේ වෙතත්, ඔහුට අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කොන්දේසි සහිත ජනාධිපති සමාවක් නිකුත් කරනු ලැබුවා.
We the @sjbsrilanka wholeheartedly pledge to appoint @ramanayaker to the parliament in the first instance of an occurrence of a vacancy in the national list. pic.twitter.com/xz68cEidAp
— Sajith Premadasa (@sajithpremadasa) August 26, 2022