පුරප්පාඩු වී තිබෙන විධායක ජනාධිපති ධූරය සඳහා තමන් තරග කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් බහුතර බලය හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට පැවතියද සත්‍ය ජය ගනු ඇති බවට තමා විශ්වාස කරන බවයි විපක්ෂනායකවරයා Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

මේ වන විට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ බහුතර මතය වී ඇත්තේ විකල්ප ආණ්ඩුව ලෙස ව්‍යවස්ථානුකුලව විපක්ෂ නායක ඇතුළු විපක්ෂට, මැතිවරණයක් පවත්වන තෙක් රටේ ඉදිරියට ගෙන යෑමේ වගකීම පැවරෙන බවයි.

අදාළ tweeter සටහන පහතින්,