විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ රත්නපුර කොලොන්න ජාතික පාසැලට  පැමිණියේය.ඒ ඔහුගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩසටහන හරහා තිස්හත්වන බස් රථය එම විදුහලට පරිත්‍යාග කිරීමට ය.

රටේ එක් පැත්තකට සියලු පහසුකම් සහිත අධ්‍යාපනයක් පැවැතියත් දුෂ්කර පළාත්වල ක්‍රියාත්මක වන්නේ සිංහල භාෂාවෙන් වන අධ්‍යාපනයක් බවත් ඒ හේතුවෙන් පරම්පරා ගණනාවක් අසරණ වී ඇති නිසා ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය, තොරතුරු තාක්ෂණය සහ පරිගණ අධ්‍යාපන කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් මෙන් ම පරිගණක විද්‍යාගාර, කෘතිම බුද්ධිය ආදී නවීන ක්‍රමවේද මෙරට පාසල් දසදහහස් එකසීය තුළ අනිවාර්යෙන් සමගි ජන බලවේග රජයක් යටතේ ක්‍රියාත්මක කරන බවත් ඒ තුළින් සැමට එක හා සමාන අධ්‍යාපන වරම් ලබා දෙන බවත්  සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.

මීට අමතරව අද විපක්ෂ නායකතුමා විපක්ෂ නායක කාර්යාලයේ දී විශේෂ හැකියාවන් සහිත ආබාධිත ප්‍රජාව හමුවිය.එය ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමටය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර අද පස්වරුවේ විශේෂ සාකච්ජාවක් පැවැත්වී ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.

balavegaya WhatsApp Image 2022 10 17 at 21.07.19

අද සවස 5ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ජාව පැවැත්වී ඇති බව වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ මහතා මෙම සාකච්ජාවේදී පවතින දේශපාලන තත්ත්වය පිළිබද ජනාධිපතිවරයා සමග දීර්ඝව සාකච්ජා කොට ඇති බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.