අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ගංවතුරෙන් විපතට පත් පොල්ගහවෙල ප්‍රදේශයේ ජනතාව මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳව සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(13) එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් ප්‍රදේශයේ  නිවෙස් දෙකක් අහිමිවූ පවුල් දෙයකට නිවාස දෙකක් ඉදිකිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු සිදුකරන බවට එහිදී විපක්ෂ නායකතුමා පොරොන්දු විය.

දිස්ත්‍රික්ක 17කට වල පවත්වා ඇති අවාසනාවන්ත කාලගුණික තත්ත්වය හේතුකොටගෙන පවුල් 65000 ක පුද්ගලයින් දෙලක්ෂ තිස් දහසක් දෙනා  පීඩාවට ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, ඔවුන්ගේ ජන ජීවිතය නැවත නඟා සිටුවීම වෙනුවෙන් ආපදා කළමනාකරණ යාන්ත්‍රණය සක්‍රීය විය යුතු බව විපක්ෂනායකතුමා පැවසීය.

ජනතාවගේ  අසලට ගොස් දුක සැප විමසා බැලීම පිළිබඳව තමන් ජනාධිපතිවරණ සමයේ දී පවා කතා කරද්දී ඇතැමුන් ඊට සමච්චල් කළ නමුත්,මෙදා තමන් මේ ජනතාව සොයා පැමිණෙනතුරු ආණ්ඩුවේ බලධාරීන් මෙහි පැමිණ නැති බව ද ඒ මහතා පැවැසීය.