ජිවන වියදමට ඇතුළු ජනතා ප්‍රශ්න මුලික කරගෙන වත්මන් රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය මගින් හෙට කොළඹ සංවිධාන කර ඇති විරෝධතාවය ජාතික විරෝධතාවයක් බවට පත් වී ඇති බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි .

වැඩි දුරටත් කියා සිටියේ 1947 නිදහසෙන් පසුව මෙවැනි අර්ථික අර්බුදයක් ඇති වු පළමු වතාව මෙය බවත් එයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු බව කබීර් හෂීම් මන්ත්‍රීවරයා කියා සිටියේය .

හරි මගට රට ගමන් කරන ලෙස විපක්ෂය වසර දෙකක කාලයක් තිස්සේ යෝජනාව ඉදිරිපත් කළාත් එය ආණ්ඩුව නොසලකා කටයුතු කළ බව මන්ත්‍රීවරයා කියා සිටියේය .

වැඩි දුරටත් කියා සිටියේ රටේ බංකොළොත්බවයට වත්මන් ආණ්ඩුව වගකිව යුතු බවත් එම නිසා ආණ්ඩුව වහා ඉල්ලා අස් වෙන ලෙස ද, මන්ත්‍රීවරයා කියා සිටියේය .

මේ බව කියා සිටියේ අද සමගි ජන බලවේගයේ ප්‍රධාන කර්‍යාලයේ දීය .

සටහන – CJ