විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන් , හර්ෂණ රාජකරුණා, ජේ.සී අලවතුවල මහත්වරුන් සමග නීතිඥවරුන් අද එක්සත් ජාතින්ගේ මුලස්ථානයට ගියේය .
ඔවුන් එහිදී කියා සිටියේ රටේ වර්තමානයේ මුහුණ දෙන ඩොලර් අර්බුදයට මුලික හේතුව වී ඇත්තේ රාජපක්ෂවරු හා ඔවුනගේ ගජමිතුරන් රටේ සල්ලි සොරකම් කිරීම බවත් ඩොලර් බිලියන 30කට වඩා වැඩි මුදලක් රටින් සොරකම් කළ ඇති බව හෙළි වෙමින් තිබෙන බවයි .
සජබ මන්ත්‍රීවරුන් එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියේ ඔවුනගේ අනුබද්ධ ආයතන මගින් මේ පිළිබඳ විදිමත් පරික්ෂණයක් සිදුකර සොරකම් කළ මුදල් ප්‍රමාණය නැවත රට තුලට ගෙන්වා ගැනිමට කටයුතු කරන ලෙසයි .
සටහන – CJ