ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන්නැයි මිට මාසයකට ඉහතදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර අතර එහි විමර්ශන කටයුතු සොයා බැලීමට අද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කවින්ද ජයවර්ධන ,මුජිබර් රහුමාන් හා හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියේය .

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පවසා ඇත්තේ මේ පිළිබඳ උපදෙස් ලබා ගැනිමට නිතීපතී දෙපාර්තමේන්තුවට යවා ඇති බවත් නිතීපතී දෙපාර්තමේන්තුව මගින් මෙතෙක් උපදෙස් ලබා නොදුන් බවයි .

මාධ්‍ය වලට අදහස් දැක්වෙමින් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියේ මරණ 8ක් වර්තා වී අති බවත් ගෑස් පිපිරීම් මේවන විටත් වර්තා වෙමින් ඇති බවත් එහෙත් මේ සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයිදැයි ප්‍රශ්න කළේය .

වැඩි දුරටත් කියා සිටියේ මෙම සිදුවිම් පිටුපස දේශපාලන මැදිහත් විමක් තිබෙන බවත් ගෑස් සංයුතිය වෙනස් කිරිම වරදක් වී ඇති බවයි .

මෙම පැමිණිල්ලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සාධාරණයක් ඉටු නොකළොත් ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවද පැවසීය .

එහිදී හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා කියා සිටියේ මෙයට සම්බන්ධ අපරාධකරුවන් සගවා සිටින්නේ දේශපාලන මැදිහත් විම් මත බවත් හෙල්මට් පැළද ගෑස් පාවිච්චි කරන යුගයක් වර්තමාන ආණ්ඩුව නිර්මාණය කළ ඇති බවද පැවසීය .

කවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත පවසා සිටියේ පොලිසිය මේ සම්බන්ධයෙන් නිතීය ක්‍රියාත්මක නොකරන බවත් මිනිස්සුන්ගේ ජිවිත ආරක්ෂා කිරීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බවයි .

සටහන – CJ