“මුතුරාජවෙල” පාරිසරික සංරක්ෂනය කලාපය මධ්‍යම පරිසර අධිකාරිය, වනසංරක්ෂක දෙපාර්තමේන්තුව,වනජිවි දෙපාර්තමේන්තුව යටතේ ගැසට් කර පාරිසරික ජෛවවිවිධත්ව කලාපයක් ලෙස ප්‍රකාශකර තිබියදි නාගරික සංවර්ධනධිකාරිය යටතේ මෙම කලාපය නැවත ගැසට් කිරිම හරහා මෙම පාරිසරික ප්‍රදේශයේ ඉඩම් කොල්ලයකට ආන්ඩුව සැරසෙන බව පැහැදිලි හෙයින් ඊට එරෙහිව ශ්රේෂ්ඨාධිකර්ණයට පෙත්සමක් ඉදිරිපත් කිරිමට අද දින සමගි ජන බලවේගය පියවර ගත්තා.
ඒ අනුව පාර්ලිමේන්තු මංත්‍රි කාවින්ද ජයවර්ධන මහතාගේ මුලිකත්වයෙන් මෙම පෙත්සම භාරදුන් අතර මෙම අවස්තාවට හරින් ප්‍රනාන්දු, තිස්ස අත්තනායක, ජේ.සි.අලවතුවල,සුජිත් පෙරෙරා ,හෙක්ටර් අප්පුහාමි,මුජිබර් රහුමාන්,මහතා ඇතුලු පාර්ලිමේන්තු මංත්‍රිවරුන් එක්ව සිටියා.