සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 29 වන පියවර ලෙස රුපියල් ලක්ෂ විස්සක (රු. 2,000,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ බුත්තල ප්‍රාදේශීය රෝහලට අද (02) පරිත්‍යාග කරනු ලැබීය.

ඒ අනුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථාන භාර වෛද්‍ය නිලධාරී මහේෂ් නාරම්ගම්මන මහතා වෙත රුපියල් දෙලක්ෂ අනූපන් දහසක් (රු. 295,000) වටිනා Patient Monitor යන්ත්‍ර 2ක්, රුපියල් දෙලක්ෂ දසදහසක් (රු. 210,000) වටිනා Suction Apparatus යන්ත්‍රයක් හා රුපියල් දොලොස් ලක්ෂයක් (රු. 1,200,000) ව්ටිනා High Flow Oxygen therapy යන්ත්‍රයක් මෙලෙස පරිත්‍යාග කරනු ලැබීය. මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, මන්ත්‍රී ධර්මසේන විජේසිංහ, හිටපු නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි ඇතුළු ජනතා නියෝජිතයින් රැසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මීට පෙර වට 28ක් තුල ලක්ෂ 836ක (රුපියල් 83,634,000) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජනබලවේගය කටයුතු කරනු ලැබීය.