ICC මණ්ඩලයට සාමාජික රටක ක්‍රිකට් තහනමක් සම්බන්ධ ක්‍රියාමාර්ගයක් ගත හැක්කේ එම රටේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිල පැමිණිල්ලක් මත පදනම්ව පමණක් බව ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය උපුටා දක්වමින් ලොව දෙවැනි ප්‍රධානම ක්‍රිකට් වෙබ් අඩවියවන Cricbuzz වෙබ් අඩවිය වාර්තා කරයි.

Cricbuzz වෙබ් අඩවියේ සදහන් වන පරිදි මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ශම්මි ද සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයට පවසා ඇත්තේ, ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහගේ මුලිකත්වයෙන් ශ්‍රීලංකාවේ පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ඇගිලි ගැසීම නිසා මෙරට ක්‍රිකට් තහනම් කරන ලෙස ඉල්ලා තිබන බවයි.

Cricbuzz Cricbuzz

Cricbuzz වෙබ් අඩවිය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ICC ඉහළම පෙළේ නිලධාරියෙක් පෙන්වා දී ඇත්තේ අදාල සාමාජිකයාගේ පැමිණිල්ලක් නොමැතිව රටක ක්‍රිකට් අත්හිටුවීමට ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය මැදිහත්වන්නේ නැති බවය.

Cricbuzz යනු Cricinfo ට පසු ලෝකයේ දෙවන විශාලතම ක්‍රිකට් වෙබ් අඩවියය. එම වෙබ් අඩවිය Times of India සමූහයට අයත්ය. Times of India යනු එක්කෝටි තිස් ලක්ෂයක ප්‍රඨක ප්‍රජාවක් සහිත, දිනකට පිටපත් ලක්ෂ හතලියක් අලෙවි වන ඉන්දියාවේ වැඩිපුරම කියවන ඉංග්‍රීසි පුවත්පත මෙන්ම ලොව වැඩිපුරම අලෙවියක් ඇති පුවත්පත්වලින් එකකි.