කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ආසන්නයේ ආරක්ෂාව තර කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහා ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ තහනම ඉවත් කිරීමත් සමඟ ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ට අද (5) මුලස්ථානයට පැමිණෙන මෙන් කල නිවේදනයත් සමඟ මෙම තත්වය ඇතිවී ඇති බවයි වාර්තා වන්නේ.
එම ස්ථානයේ කලබලකාරී තත්ත්වයක් ඇති වෙතැයි අනුමාන කර මෙම තීරණය ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.