“සදහම් යාත්‍රා” ආගමික වැඩසටහන හරහා ඉතා කෙටි කාලයක් තුළදී විහාරස්ථාන දහසකට හා සර්ව ආගමික ස්ථාන 200කට වඩා යාමට හැකි වූ බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
“සදහම් යාත්‍රා” වැඩසටහන මගින් විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන් හා පූජකවරුන් බැහැදැකීමට හා ඇසුරු කිරීමට හැකි වූ බවද තිස්ස අත්තනායක මහතා කියා සිටියේය.
තවදුරටත් විහාරස්ථාන හා පූජනීය ස්ථාන වල යාමට බලාපොරොත්තු වන බවත් එමගින් මහා සංඝරත්නයෙන් හා සර්ව ආගමික නායකයින්ගෙන් අවවාද හා අනුශාසනා ලබා ගැනිමට බලාපොරොත්තු වන බවද පවසා ඇත.
සටහන – CJ