අද (16) පාර්ලිමේන්තුව රැස්වීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

අද පාර්ලිමේන්තුවේ ආරම්භ කරන ලද්දේ ජනාධිපති ගෝඨභය රජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස් වූ බව පාර්ලිමේන්තුවට නිල වශයෙන් ප්‍රකාශ කරමින්

ඒ අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (16) පෙරවරු 10.00 රැස්වීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

ජනාධිපතිධුරයේ පුරප්පාඩු පවතින බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් අද පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට නියමිතයි.

ලබන 19 වෙනිදා නාම යෝජනා කැඳවා ඉන් අනතුරුව 20 වෙනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමෙන් අනතුරුව මන්ත්‍රීවරයෙකු ජනාධිපතිධූරය සඳහා තෝරා ගැනීම සිදුවන බවයි කතානායකවරයා නිවේදනය කළේ.