ජනතාවගෙන් බදු අයකරගනිමින් එකතුකරගන්නා මුදල් විමධ්‍යගත අරමුදල හරහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පමණක් බෙදාදීම මගින් ජනතා ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුලදී අසාධාරණයක් සිදුවන බවත් ජනතාව අතරට යා නොහැකිව සිටින ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට පමණක් මෙම මුදල් ලබා දී නැවතත් ජනතාව අන්දවන වැඩපිළිවෙලක් ග්රාමීයව ක්‍රියාත්මක කරමින් සිටින බවත් හෙක්ටර් අප්පුහාමි මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ සියලුදෙනාම එකට වාඩි වී රට ගොඩනගමු කියන්නට පෙර අඩුමතරමින් පාර්ලිමේන්තුවේ ජනතා වරමින් පත්වූ මන්ත්‍රීවරුන් 225ක් සිටින බව වත් ආණ්ඩුව දැනගත යුතු බවත් සියලු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් පාර්ලිමේන්තුව තුලදී සුරක්ෂිත කිරීමට කලයුතු කල යුතු බවත්ය.
බාල ඖෂධ ගෙන්වූ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වන විට හිර ගෙදර සිටින අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පෙර මෙම වංචා පිළිබඳව අවධානය යොමුකරමින් විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ මොහොතේ ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් අත ඔසවා විශ්වාසභංගය පරාජය කර ඔහුට සහයෝගය දුන් බවත් ඉන් පසුව මෙම වංචා වලට අත්අඩංගුවේ සිටින කෙහෙළිය රඹුක්වැල්ලට පරිසර ඇමති ලෙස උසස්විමකුත් ලබා දුන් බවත් එතුමා කියා සිටියේය.
එක් අතකින් මාර්ගගත පනත හරහා ජනතාවගේ කට වහන්න කටයුතු කරන අතර තවත් පැත්තකින් ප්‍රති ත්‍රස්ත පනත හරහා ජනතාවගේ ඇත බැඳ තබන ආණ්ඩුව ජනතා ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරුන්ට ජනතාවට වැඩ කිරීමට තිබෙන අවස්ථාව පවා නැතිකර තිබෙන බව එතුමා වැඩිදුරටත් කියා සිටියේය.