ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත අද(11) ශාසන කීර්ති දේශාභිමානී ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමය පිරිනමනු ලැබීය.ඒ නාරාහේන්පිට පිහිටි රාමඤ්ඤ මහා නිකායේ මූලස්ථානයේ දී ය.
සමාජ සංස්කෘතික සහ ආගමික වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉටු කරන අනවරත මෙහෙවර පිළිබඳව විශේෂයෙන් ප්‍රසාදයට පත්ව එකී මෙහෙවර ඇගයීම පිණිස ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මගින් අදාල ගෞරව නාමය ඒ මහතා වෙත පිරිනමනු ලැබීය.
අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිහිමිපාණන්වහන්සේ ප්රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩමුවා වදාල අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,හිටපු කථානායක කරු ජයසූරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ,නියෝජ්‍ය ඇමතිවරයෙකු,ඇමතිවරයෙකු , සහ විපක්ෂ නායකවරයා ලෙස වර්තමානයේ දී සජිත් ප්‍රේමදාස මහතා වෙතින් ඉටුවන මෙහෙවර පිළිබඳව එහිදී විශේෂ සැලකිල්ලට භාජනය කොට තිබේ.
පසුගිය රජය සමයේ ඉතා කෙටි කලක් සංස්කෘතික අමාත්‍යවරයා ලෙසද කටයුතු කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ වකවානුව තුළ ආගමික සහ සංස්කෘතික වශයෙන් අතිශයින් වැදගත් වන කටයුතු රැසක් ම ඉටු කරනු ලැබීය.
සසුනට අරුණ , සිසු දහම් සෙවන, විපක්ෂයෙන් හුස්මක් ,සක්වල වැනි වැඩසටහන් හරහා විශාල මෙහෙවරක් ඉටු කරමින් සිටින සජිත් ප්‍රේමදාස මහතා මීට පෙර ස්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශවයෙන් ශාසන දීපන අභිමානි ශ්‍රී ලංකා ජනරංජන’ ගෞරව නාමයෙන් ද පිදුම් ලැබීය.