ජනාධිපතිවරයාගේ කටයුතු නිසා ස්වාධීන කොමිෂන් සභා වර්තමානය වන විට නමමාත්‍රික කොමිෂන් සභා බවට පත්ව ඇති බවත් ව්‍යවස්ථා සභාවේ ස්වාධීනත්වයට අභියෝග කිරීමට ජනාධිපතිවරයාට කිසිඳු නීතිමය බලයක් නොමැති බවත් අද (04) මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මෙම අදහස් පළ කළේ නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී අද (4) පැවැති ප්‍රවෘත්ති සාකඡවකදිය.

ඔහු එහිදී කියා සිටියේ, ඉහළ තනතුරුවලට නිලධාරීන් පත්කිරීමේදී ව්‍යවස්ථා සභාවට ප්‍රමුඛ කාර්යභාරයක් හිමිවන නමුත්, වර්තමානය වනවිට එය විධායකයේ බලයට යටවී ඇති බවත්, වර්තමාන විධායකය ස්වාධීන ආයතන ආක්‍රමණය කරන බවයි.

ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථා සභාව අතර මත ගැටුම් පවතින අතර, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ආක්‍රමණය කිරීමට කරක්න උත්සාහයන් නීති විරෝධී මෙන්ම වර්තමාන කැබිනට් මණ්ඩලය නාමමාත්‍රික වෙමින් පවතින බව, ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.