ලංකාවේ මුල්‍ය අර්බුදය ,ඩොලර් හිගය , විනිමය අනුපාතය කඩා වැටිම හේතු කොට ගෙන ලෝකයේ ශ්‍රේණිගත ආයතන විසින් ලංකාව පහළ මට්ටමට දමා ඇති හෙයින් ලංකාව නිකුත් කරන ණයවර ලිපි පිළිනොගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබිර් හසිම් මහතා පවසයි .

මේ හේතුවෙන් ඩොලර් 50කට වඩා එහා තෙල් මෙරටට ආනයනය කිරීමට නොහැකි බවත් එම නිසා ඩොලර් 20ක් 30 බැගින් කඩ කඩා පිරිපහදු කළ තෙල් ආනයනය කරන බව කබිර් හසිම් මහතා කියා සිටියේය .

මේ අදහස් දැක්වූයේ අද (22) විපක්ෂ නායක කර්‍යාලයේ දීය.