රටේ ප්‍රමුඛතාවය වී ඇත්තේ වැඩ ලක්ෂයක් එනම් මහාමාර්ග ඉදිකිරීම නොවන බවත් රෝහල් සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම හා අධ්‍යනයට අවශ්‍ය පහසුකම් ලබා දීම බව සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි .

ඔහු කියා සිටින්නේ ගොවීන්ට අවශ්‍ය පොහොර ලබා දීම මිස වැඩ ලක්ෂයක් වැඩසටහන සිදු කිරිම නොවන බවද ආණ්ඩුවට කියා සිටියේය .

වැඩ ලක්ෂයේ වැඩසටහන මගින් පළාත් පාලන මන්ත්‍රීවරුන්ට කොමිස් ගැසීමට ආණ්ඩුව අවස්ථාව ලබා දී ඇති බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

තව දුරටත් පැවසූ මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රෝහල් වලට අවශ්‍ය උපකරණ, අධ්‍යනයට අවශ්‍ය පහසුකම්, පරිඝණක ලබා දෙමින් කටයුතු කරන බවත් සමගි ජන බලවේගය පාලක පක්ෂය වී ඇති බව මන්ත්‍රීවරයා පැවසීය .

ඔහු අවධාරණය කරන්නේ ආණ්ඩුව කිසිසේත් මැතිවරණයක් නොපැවත්වෙන බවයි.

පළාත් පාලන මැතිවරණය හා පළාත් සභා මැතිවරණය දෙකම එකවර පවත්වන ලෙසද ආණ්ඩුවට කියා සිටි මන්ත්‍රීවරයා එවිට ජනතාව කුමන පැත්තෙ නියෝජනය කරන්නේ ද? යන්න ආණ්ඩුවට බලා ගත් හැකි බවයි .

වර්තමානය වනවිට රටේම ජනතාව සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලන බවද චමින්ද විජේසිරි මහතා පැවසීය .

සටහන – CJ