විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අත්සන සහ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස යොදා ගනිමින් සකස් කළ ලිපි දෙකක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නීතිඥ සංගමය ඊයේ (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල ගොනු කර තිබෙනවා.
මීට පෙර අවස්ථාවකදී ද විපක්ෂ නායකවරයා ජාතික ජන බලවේගය සමග එම විවාදය ප්‍රතික්ෂේප කරන බව හැඟවෙන ආකාරයෙන් සකස් කරන ලද තවත් ලිපියක් සම්බන්ධයෙන්ද එම පැමිණිල්ලෙන් කරුණු දක්වා තිබෙන බව සඳහන්.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සමග තිබූ රූපවාහිනි විවාදය විපක්ෂ නායකවරයා ප්‍රතික්ෂේප කරන බවට සඳහන් ව්‍යාජ ලිපියක් සකස් කිරීම සම්බන්ධයෙනුයි මෙම පැමිණිල්ල ගොනුකර තිබෙන්නේ.
අනුර කුමාර දිසානායක මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර පෙර සූදානම් කරන ලද විවාදයක් බවට ඇඟවෙන ආකාරයේ ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනු කර ඇති අතර එහිදී විපක්ෂ නායකයාගේ අත්සන සහ ලිපි ශීර්ෂය ව්‍යාජව සකස් කර අදාළ විවාදයට විපක්ෂ නායකවරයා සහභාගි වීමට නියමිතව සිටින බවට හැඟවෙන ආකාරයෙන් එහි අන්තර්ගතය සකසා ඇති බව පැමිණිල්ලේ සඳහන් වී ඇති බවට වාර්තා වනවා.
එම ව්‍යාජ ලිපි දෙක සම්බන්ධයෙන් වහා විමර්ශනයක් කරන ලෙස සමගි ජන බලවේගයේ නීතිඥ සංගමය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
විපක්ෂ නායකතුමාගේ අත්සන සහ ලිපි ශීර්ෂය සහිත ව්‍යාජ ලිපියක් මේ දිනවල අන්තර්ජාලයේ සංසරණය වන බවත් එය පසුගිය 6 වන දා ස්වාධීන රූපවාහිනියේ තිබූ විවාදයට සහභාගි වීම සඳහා විපක්ෂ නායකවරයා පිළිගත් බවට සඳහන්ව ඇති අතර එවැනි ලිපියක් ලබාදී නැති බවත් සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නීති ලේකම් බුද්ධින් සිරිවර්ධන මහතා මාධ්‍ය හමුවේදී සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බවයි.