“රට විනාශයි-එන්න රැකගමු” මැයෙන් හෙට(15) සමගි ජනබලවේගය විඩින් සංවිධානය කරනු ලබන දැවැන්ත විරෝධතාවය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වේ.


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු සමගය.
හෙට දිනයේ රටපුරා විසිරී සිටින අති විශාල ජනකායක් ඊට සහභාගි වීමට නියමිත බව දැනටමත් වාර්තා වී තිබේ.


එය ලක්ෂ තුන ඉක්මවනු ඇති බව වාර්තා වන අතර මේ පිලිබදව ආණ්ඩුව බරපතළ ලෙස භීතියට පත්ව ඇති බවද වාර්තා වේ.


ඒ භීතිය හේතුකොටගෙන මේ වන විටත් බොහෝ පිරවුම්හල්වල පෙට්‍රල් සහ ඩීසල් නිකුත් කිරීම බරපතළ ලෙස අවහිර කොට ඇතිබව දිවයිනේ නන්දෙසින් වාර්තා වෙයි.