නැවත දැනුම් දෙන තුරු ලංවිම සේවකයින්ගේ සියලුම නිවාඩු අවලංගු කරමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට ලංකා විදුලිබල මන්ඩලයේ පාලන අධිකාරිය විසින් තීරණය කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියේ ජූනි 5 වැනිදා සිට මෙය ක්‍රියාත්මක බවයි.

ලංකා විදුලි බල මණ්ඩලය කොටස් 12කට වෙන් සඳහා ප්‍රතිවුහගත කිරීමේ මුවාවෙන් ගෙන එන ආණ්ඩුවේ නව විදුලි බල පනත අද පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා අවස්ථාවේ මේ ආකාරයෙන් නිවාඩු අවලංගු කිරීම තුලින් කිසියම් ව්‍යාකුල තත්වයක් ඇතිවී තිබේ.

ආණ්ඩුව විසින් ගෙන එන මෙම පනතේ වගන්ති 13ක් ව්‍යවස්ථා විරෝධී බව අධිකරණයෙන් තීන්දු කර තිබියදී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට විපක්ෂයෙන් ඉල්ලූ කාලයද ලබා නොදී සිටීමට මේ වන විට ආණ්ඩු පක්ෂය තීන්දු කර තිබේ.