රුපියල් 5000 ඡන්ද ගුණ්ඩුවක් ද?

මුදල් ආමත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගියදා රුපියල් 5000ක දීමනාවක් රජ්‍ය සේවකයන්ට ලබා දීම හා තවත් සහන කිහිපයක් මහජනතාවට ලබා දීම ඉදිරියේදී පැවැත්විමට නියමිත ඡන්දයක් ඉලක්ක කර ගෙන ද යන්න සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියි.

මෙසේ අසා සිටියේ අද විපක්ෂ නායක කාර්‍යලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි .

වැඩි දුරටත් පැවසූ මරික්කාර් මහතා ,

රටේ මුදල් ඇමති අයවැය ඉදිරිපත් කරන්න කලින් දළදා මාලිගාවට ගිහින් කිව්වා මේ අයවැයෙන් ජනතාවට දෙන්න දෙයක් නැහැ ගන්න දෙයක් තියෙන්නෙ කියලා. අයවැය සම්මත වෙලා මාසයක් යන්න කලින් එතුමා රුපියල් බිලියන 229ක සහන පැකේජ් එකක් දෙනවා හිදී ඒ පැකේජය ඕන කෙනෙකුට හිතෙනව ආර්ථිකය අමාරු වෙලාවක් බඩු මිල ජීවන වියදම ඉහළ ගිහින් තියෙන වෙලාවක් හොඳයි කියලා නමුත් එතුමාගෙන් මාධ්‍යවේදීන් අහනකොට මේ ලබාදෙන සහන සඳහා වූ ආදායම කොහෙන්ද කියලා ඒ ආදායම එන්නේ විදිහ එතුමට කියාගන්න විදිහක් නැහැ එආදායම දෙන විදිය කියන්නේ නැතිව වියදම වැඩි කරන විදිය පෙන්වනවා නම් ඒකෙන් තේරෙන්නේ ආදායමක් නැතිව මහ බැංකුව සල්ලි අච්චු ගහලා තමයි මේ සහන දෙන්න හදන්නේ කියලා මහ බැංකුව සල්ලි අච්චු ගහලා සහන දෙන එක සාධාරණද .හේතුව ආදායමක් නැතුව සල්ලි අච්චු ගහන නම් සහන දෙන්නෙ එහිදී වෙන්නේ උද්ධමනය වැඩි වෙන එක ඒ කියන්නේ බඩු මිල තවදුරටත් වැඩි වෙනවා එසේ බඩු මිල වැඩි වෙනවා නම් මේ 5000 ප්‍රමාණවත් ද කියන ප්‍රශ්නය එනවා. එහිදී ලංකාවට වෙන්නේ අප්‍රිකානු රටවල් වල වගේ ඉදිරි කාලයේදී විල්බැරෝව කින් තමයි සල්ලි ගෙනියන්න වෙන්නේ. එහෙම නෙමෙයි නම් උද්ධමනය වැඩි වෙන්නේ නෑ සල්ලි අච්චු ගහන්නේ නෑ කියනවා නම් ආදායම එන විදිය හෙළි කරන්න ඕන එසේ හෙළි කරනවා නම් ආදායම් වැඩි වෙලා තියෙනවා නම් පහුගිය ගෙවිච්ච මාස 6ක කාලය තුළ ප්‍රට්‍රල් ඩීසල් දෙපාරක් වැඩි වුණා කිරිපිටි මිල දෙපාරක් බැරිවුණා බඩුමිල අට වතාවක් පමණ වැඩි වුණා එහෙම නම් ඒ වැඩි වෙච්ච මිලේ ප්‍රමාණය හැටියට ආණ්ඩුවේ ආදායම වැඩි වෙලා තියෙනවා නම් පන්දාහක් දෙන එක ප්‍රමාණවත් ද කියන ප්‍රශ්නය එනවා.

අපි ආණ්ඩුවෙන් අහන්න කැමතියි මේක කරේ ඇත්තටම සහන දෙන්න ද එහෙම නැත්නම් සල්ලි අච්චු ගහලා උද්ධමනය වැඩි වෙලා බඩ මිල වැඩි වුණත් කමක් නෑ ඕන දෙයක් රටට වෙච්ච දේන් අපි පළාත් සභා ඡන්දය අප්‍රේල් මාසයේ පමණ කියන්න බලාගෙන ඡන්දේ දිනන්න ද කරේ කියලා. හේතුව පර්චස් 20 ට අඩු ගෙවතු වගා කරන අයට මෙච්චරයි 20/100අතර මෙච්චරයි කියන එකෙන් අපට සැකයක් තියෙනවා 2014දී ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සිල්රෙදි හට්ටි මුට්ටි රජයේ සේවකයන්ට බයික් බෙදුව වගේ සෙල්ලමක් දමන්න හදන්නේ එහෙම නම් මොල හතේ මුදල් ඇමතිතුමානෝ ඔන්න දෙවෙනි පාර වරද්ද ගන්න හදන්නේ ජනතාව ඉන්න අමාරුවෙ හැටියට මේ ඔක්කොම රාජ්‍ය සේවකයෝ ගනීවි ඡන්ද හම්බ වෙන්නේ නෑ 5000ට එහෙම රැවටෙන මිනිස්සු නෙමෙයි දැන් ඉන්නේ ඒ තරමට මානසිකව ශාරීරිකව ඔවුන් හෙම්බත් වෙලා තියෙන්නේ. පෝලිම් වල ලැගලා නිදිමරාගෙන දරුවෝ කන්න, කිරිපිටි නැතුව ජීවන වියදම වැඩි වෙලා දරාගන්න බැරි තරම් මානසික ආතතියකින් පසු වෙනවා. අනිත් පැත්තෙන් එළවළු තුනක් එක්ක කාපු මිනිස්සුන්ට අද එක එළවළුයි කන්න වෙලා තියෙන්නෙ තුන්වේල කාපු මිනිස්සුන්ට එකාව්ලයි කන්න වෙලා තියෙනවා දෙවේලක් කාපු මිනිස්සුන්ට එක වේලක් කන්න තත්වයට පත්කරලා තියෙනවා ඒ නිසා මේ පන්දාහක් අරගෙන මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ.