විදේශ රැකියා ලබා දෙන බව පවසා යම් කිසි ඒජන්තකරුවන් මෙරට විශ්‍රාමික ආරක්ෂක අංශ නිලධාරින්ගෙන් රුපියල් දශ ලක්ෂ ගණනින් මුදල් ලබා ගෙන රැසියානු යුක්‍රේන යුද්ධයේ ඉදිරි පෙළ සඳහා යොමු කර ඇති බවත් ඒ අය ගියේ යුද්ධ කරන්න නොව රැකියාව සදහා වුවත් මේ වන විට කුලී හේවායන් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මෙම ක්‍රියාවට සම්බන්ධ අය ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් මේ ගැන දයාසිරි ජයසේකර මහතා සහ වලේබොඩ මන්ත්‍රීතුමා ජනාධිපතිවරයාට පවා කියා ඇති බවත් මෙය මානුශීය ගැටලුවක් බැවින් උපරිම පියවර ගන්නා ලෙසත් විදේශ ඇමතිවරයා හෝ රාජ්‍ය අමාත්‍යවරයා රැසියාවට යවා තොරතුරු සොයන ලෙස ඉල්ලා සිටියේය.