ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කළා.

අදාළ ඉල්ලා අස්වීමට හේතුව පිළිබඳ දැනුම්වත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ දී දැන් පැවැත්වෙනවා.

මේ අතර, බැසිල් රාජපක්ෂගෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා පත්වීමට නියමිත බවත් සඳහන්.