සමගි ජන බලවේගයේ මැතිවරණ සහ ප්‍රචාරණ ලේකම්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පත් කිරීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කොට ඇත.

ඊට අදාළ ලිපිය ඊයේ දිනයේදී විපක්ෂනායකවරයා විසින් සුජීව සේනසිංහ මහතා වෙත පිරිනමා ඇති බව වාර්තා වේ.

ඒ අනුව සේනසිංහ මහතා ඉදිරි දින කිහිපය ඇතුළත පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර පක්ෂයේ ප්‍රචාරක ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති බවද දැනගන්නට ඇත.

2020 මහමැතිවරණයේදී වික්‍රමසිංහලා සහ රාජපක්ෂලා සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව පසුකලෙක මිලියන ගණනක් නැරඹූ වීඩියෝවක් බවට පත්ව තිබිණ.

balavegaya WhatsApp Image 2023 02 02 at 10.55.38 AM