මේ මස 27 වැනි දා නුවරදී රනිල් විසින් සිය අලුත් ම මගඩි නාටකය එළි දැක්වීමට නියමිතයි. ඒ, ලංකාව බංකොළොත් භාවයෙන් මිදී ඇති බව නිවේදනය කිරීමයි. ආරංචි හැටියට උදේම නුවර ගොස් මහානායක හිමිවරුන් බැහැදැක, හවස් වරුවේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමයි සැලසුම.
රටක් බංකොළොත් ද නැද්ද යන්න එම රටට තනිව නිවේදනය කළ හැක්කක් නොවෙයි. එය තීරණය කරනු ලබන්නේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන (rating agencies) විසින්. Fitch, Moody’s, සහ S&P යන ආයතන තුනට ම අනුව ලංකාව තවමත් ඉන්නේ SD (selective default) හෝ D (default) අවස්ථාවේ. එතනින් ඉහළට ආවොත් තමයි බංකොළොත් නොවෙයි කියන්න පුළුවන්. මිසක් රනිල්ට ඕනෑ ඕනෑ හැටියට ජාතිය අමතලා නොවෙයි.
සරල උදාහරණයකින් කිව්වොත්, ඕ ලෙවල් ලියපු ළමයෙක් විභාගය පාස් ද නැද්ද තීරණය කරන්නෙ විභාග දෙපාර්තමේන්තුවයි. ළමයා නෙමෙයි. ළමයාට ඕන විදියට මාධ්‍ය නිවේදන දාලා විභාගෙ පාස් වෙන්න බැහැ. මේවා ජාතික නෙමෙයි ජාත්‍යන්තර මට්ටමේ විහිළු.
ඇත්තටම ලංකාව බංකොළොත් භාවයෙන් ඉහළට එන්න නම්, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හෙවත් ISB ණය හිමියන් සමග සාකච්ඡාව සාර්ථකව අවසාන කළ යුතුයි. සහ එම සාකච්ඡාවෙ ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ ISB ප්‍රතිව්‍යුහගත කරන්න සහ ණය යම් කොටසක් කපා හරින්න දෙපාර්ශ්වයම එකඟ විය යුතුයි. ඒ සාකච්ඡාව තවම අවසාන නෑ. ලංකා රජය ඉල්ලන්නෙ 20%-30%ක ණය කපා හැරීමක් (haircut එකක්). නමුත් ණය හිමියන් සූදානම් නෑ 10%ට ඉහළ ණය කපා හැරීමකට. ලෝකෙ වෙනත් රටවල් 50% තරම් ඉහළ හෙයාකට්ස් අරගෙන තියෙනවා. එතකොට ලංකාව මේ සාකච්ඡාව තදියමේ කරල හරියන්නෙත් නැහැ. රනිල්ට ඡන්දෙ දිනාගන්න ඕනකමට සාකච්ඡා උඩින් පල්ලෙන් කරලා ලංකාවට ගන්න පුළුවන් ඉහළ හෙයාකට් එක වෙනුවට මොකක් හෝ දෙන දෙයක් බාරගෙන සාකච්ඡා අවසාන කරන්න ඉඩ දෙන්න බැහැ.
27 මගඩි නාටකය මේ සේරටම වඩා හාස්‍යජනකයි. මොකද ලංකාව ඇත්ත වශයෙන් ම බංකොළොත් නෑ කියල ව්‍යාජ තොරතුරක් ප්‍රචාරය කිරීමයි එදාට වෙන්න යන්නෙ. හරි නම් රනිල් ම ගෙනාපු මාර්ගගත ආරක්ෂණ පණතෙන් (OSB) රනිල්ට නඩු දාන්නයි වෙන්නෙ. ජනාධිපති මුක්තිය තියෙන නිසා බේරෙනව.
කොයි හැටි වෙතත් මේ 27 මගඩි නාටකය ගැන රට ම දැනුවත් වීම ඉතා වැදගත්. මොකද මේ වගේ පට්ටපල් බොරු පෙන්නලා ඡන්ද කරන කෙරුවාවට අවසානයක් තියෙන්න ඕන නිසා. සරම් බැනියම් අඳින මැදමුලන ගෝඨාභය කැලණි ගඟෙන් නාග ධාතු පෙන්නලා බලයට ආවා. ටයිකෝට් අඳින කොල්ලුපිටියෙ රනිල් දැන් අපට රේටිං ධාතු පෙන්නලා බලයට එන්න හදනවා. මේ දෙකම එක වගේ තක්කඩි කැම්පේන්. මේ දෙකම එක වගේ පරාජය විය යුතු මගඩි නාටක.