2024 සැප්තැම්බර් 16 වැනිදාත් ඔක්තොම්බර් 16 වැනිදාත් අතර කාලයේදී අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් වසර ගණනාවක් පුරා මැතිවරණ වලින් අන්ත පරාජයක් ලැබූ වත්මන් ජනාධිපති 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවත් ජුලි මාසයේදී ජනාධිපතිවරණය කැඳවන්න නියමිත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවැසීය.

අද (22) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මේ බව සඳහන් කළේය.

වැඩි දුරටත් අදහස් දක්වමින් මරික්කාර් මහතා පැවසුවේ ,

පොහොට්ටුවේ ජනාධිපති ධම්මික පෙරේරා බව පොදුජන පෙරමුණ සම්මේලනයේදී බැසිල් රාජපක්ෂ ඉඟියක් ලබාදුන් බවත් පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන්ට වඩා ප්‍රමුඛතාවයක් ධම්මික පෙරේරාට පොදුජන පෙරමුණ සම්මේලනයේදී  ලබාදීලා තිබුණ බවත් පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ධම්මික පෙරේරා වීම තුළ රනිල් වික්‍රමසිංහට පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරයට ඉදිරිපත් වීමට කිසිදු අවස්ථාවක් නැති බවත්ය.

අවුරුදු 60 ට වඩා අඩු ජනාධිපතිවරයෙක් ඉදිරියේදී රටේ ජනාධිපති වන බවත් තමන්ගේ සීයාගේ වයසේ සිටින පුද්ගලයෙකු රටේ ජනාධිපති කරන්න රටේ තරුණ පරම්පරාව අකමැති බවත් එස් එම් මරික්කාර් මහතා  කීය.