මේ වන විට රට තුළ සිදුවන බරපතල ව්‍යවස්ථා උල්ලන්ගනයක් පිළිබඳව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී කතානයකවරගේ අවධානය යොමුකර තිබේ.

එතුමා පෙන්වා දෙන්නේ රටේ මැතිවරණ නිතිය ක්‍රියාත්මක වන ,මොහොතක රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් රටේ සියලු මාධ්‍යවේදීන් හෝටලයකට ගෙන්වා සාදයක් පවත්වා දේශපාලන අල්ලසක් දී තිබෙන බවයි.

එතුමා අවධාරණය කරමින් සිටියේ ගෙන්වන සියලු මාධ්‍යවේදීන්ට රුපියල් පන්දහසක වව්චරයක්ද පිරිනමා ඇති බවයි.

“ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදු වෙනවා. ඒ වගේම රටේ මැතිවරණ නීතිය උල්ලංඝනය වීම සම්බන්ධයෙන් කතානායකවරයාගේ අවධානයට යොමුකරනවා. අද සවස ලංකාවෙම ඉන්න ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෝටර්ස් එජ් හෝටලයට කැඳවා තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කැඳවා තිබෙන්නේ. මැතිවරණයට සහය ලබාගැනීම මෙහි අරමුණයි. මහනුවරින් බස් දෙකක් පිටත් වෙනවා. මේ එන අයට රුපියල් පන්දහසක වව්චරයක්ද දෙනවා. මෙය පැහැදිලිව මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක්”