නීතිපති සංජය රාජරත්නම් මහතාට මාස 6ක සේවා දිගුවක් ලබා දීම සදහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කළ යෝජනාව ව්යවස්ථාදායක සභාව විසින් ප්රතික්ෂේප කොට ඇත.

අද පස්වරුවේ රැස්වූ ව්යවස්ථාදායක සභාව විසින් මෙම තීන්දුව ගෙන ඇති බව පැවසේ.

අද දින පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්රීවරුන් රැසක්ම පෙන්වා දී තිබුණේ ඉතිහාසයේ කිසිදු දිනෙකවත් නීතිපතිවරයාට සේවා දිගුවක් ලබා දී නොමැති බවත්, මෙම යෝජනාව හරහා නීතිපති තනතුර හෑල්ලුවට ලක්වන බවත්ය.